අයවැය පරාජය කිරීමේ වගකීම විපක්ෂයට බාරයි – නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය රට මුහුණ දී ඇති අර්බුදයෙන් එළියට ඒමට විසඳුම් නොමැති අයවැයක් බව පැහැදිලිව පෙනී යන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් අයවැය පරාජය කිරීමේ වගකීම විපක්ෂයට පැවරී ඇති බව ද පැවසූ ඔහු, විපක්ෂ නායකයා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එය සිදු කළ යුතු බව ද පැවසීය.

විපක්ෂය අයවැය පරාජය කිරීමට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා නොකර අයවැයට අභියෝග කිරීමෙන් ඵලක් නැතැයි ද කී මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා කොළඹ නියෝජනය කිරීම නිසා කොළඹ නගරය සීමාවට සහන ලැබෙන්නට ඇති බවද පැවසීය.

කෙසේ නමුත් මෙවර අයවැයේ ද පසුගිය අයවැයට ඇතුළත් වූ බොහෝ දේ තිබීම නිසා පසුගිය අයවැයට පක්ෂවූ කෙනෙකුට ඊට විරුද්ධ වීමට හැකියාවක් නැති බවද ඔහු කියා සිටී.

නමුත් පසුගිය අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකර නැවත ඉදිරිපත් කිරීම සාධාරණ දැයි ගැටලුවක් ඇති බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා රජය සූර්ය බලශක්ති ක්ෂේත්‍රය විනාශ කරන්න හදනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණ වත්මන් රජය පුනර්ජනනීය...

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...