රනිල් ගැන තවත් නම් බලාපොරොත්තුවක් නැහැ – හර්ෂ

Date:

කොළඹ LNW:ආර්ථිකය විනාශ කළා යැයි අධිකරණය පවා තීන්දු කර තිබෙන කල්ලියක ග්‍රහණයට හසුවූ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් රට ගොඩනැගීමේ ආර්ථික දැක්මක් බලාපොරොත්තු විය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

දේශීය ඉතිරි කිරීම් අඩු ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධනය ගොඩනැගීම සඳහා විදේශීය ආයෝජනය කැඳවාගැනීමට හැකි වංචාව හා දූෂණයට වැට බඳින පරිසරයක් ගොඩනැගීමට ඉදිරි රජයක දී තමන් කැපවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ලෝක වෙළෙඳපොළට තරඟකාරීව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරමින් අවශ්‍ය රැකියා නිර්මාණය කිරීමට මීට වඩා ප්‍රාග්ධනයක් අවශ්‍ය අතර ප්‍රාග්ධනය ගොඩනැගීමට අවශ්‍ය වෙන්නේ ආයෝජන බව හෙතෙම පෙන්වාදෙයි.

එම ආයෝජන ප්‍රමාණවත් ලෙස රට තුළ සොයා ගැනීමට අපහසු නිසා විදේශීය ආයෝජනයන්ට වැඩි අවස්ථාවක් ලබාදී එම අභියෝගය ජයගත යුතුව ඇති බව ඔහු පවසයි.

ක්‍රිකට් හොරු, බෙහෙත් හොරු, පරිසර හොරු වැනි කම්බ හොරු ඉහ වහා ගොස් තිබෙන වකවානුවක වංචාවට සහ දූෂණයට වැට බැඳීම අත්‍යවශ්‍ය කාරණයක් නමුත් ඒ සඳහා කිසිදු වැඩපිළිවෙලක් වත්මන් රජය ඉදිරිපත් කර නොමැතිවීම කණගාටුවට කරුණක් බවද මන්ත්‍රීවරයා කියාසිටියි.

2024 අයවැය මගින් සිදුකර තිබෙන්නේ තැලී පොඩිවී සිටින ජනතාවගෙන් තව තවත් පාරිභෝජන බදු අයකරමින් බදු ආදායම වැඩිකර ගැනීම වන අතර එය කොතෙක් දුරට සාර්ථකවේදැයි අවිනිශ්චිත බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...