ජාත්‍යන්තර වරෙන්තු වැටුණු සිරියානු ජනාධිපති බෂාර්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ රජය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්, ඔහුගේ සොහොයුරා සහ සිරියානු රජයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, ජාත්‍යන්තර ප්‍රජාව විසින් තහනම් කරනු ලැබූ රසායනික අවි යොදාගෙන සිරියානු සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කර, මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කළේ යැයි චෝදනා නගමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අසාද්ට අමතරව වරෙන්තු නිකුත් කර ඇත්තේ, අසාද්ගේ සොහොයුරා මහීර් සහ සිරියානු රජයේ හමුදා ජනරාල්වරුන් වන ඝෂාන් අබ්බාස් සහ බසාම් අප් හසාන් යන දෙදෙනාට බවත් සඳහන් වේ.

සිරියාවේ සිවිල් යුද ගැටුම් ඇවිලෙද්දී, ජනාධිපති අසාද්ගේ උපදෙස් පරිදි, සිරියානු රජයේ හමුදාව, රසායනික අවි භාවිතයට ගනිමින් සිවිල් වැසියන්ට පහර දුන්නේ 2013 යැයි සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන අතර, එම රසායනික අවි ප්‍රහාරයෙන් සිරියාවේ ඩොරාම් නැමිති නගරයේ සිවිල් වැසියන් දහසක් ජීවිතක්ෂයට පත්වුණු බව සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පෙන්වා දී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...