අද මධ්‍යම රාත්‍රියේ සිට උල්කා වර්ෂාවක්!

කොළඹ LNW:හෙට (19) දිනයේ උල්කාපාත වර්ෂාවක් දැක ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

මධ්‍යම රාත්‍රියේ සිට එය දැකගත හැකි අතර උදෑසන 4ත්‍ 5ත් අතර ඉතාම හොඳින් දර්ශනය වන බවයි වීරසේකර මහතා සඳහන් කරන්නේ.

එය නම් කර ඇත්තේ ලියොනිඩ්ස් ලෙසයි.

සිංහ තරු රටාව ආශ්‍රිතව ඇතිවන උල්කා වර්ෂාවක් හෙයින් එම නම තබා ඇති අතර නැගෙනහිර දිශාවෙන් එය දර්ශනය වෙයි.

එම උල්කා වර්ෂාව පියවි ඇසට පෙනෙන අතර වල්ගාතරුවෙන් ඉවත්වෙන පදාර්ථ අසලින් පෘතුවිය ගමන් කිරීමේදී සිදුවන පදාර්ථ නිකුත්වීම නිසා උල්කාපාත වර්ෂාව ඇතිවෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිප්ටෝ අපරාධ මැඩලීමට ශ්‍රී ලංකාව Chainalysis සමඟ සාකච්ඡා පවත්වයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: ඩිජිටල් මුදල් (ක්‍රිප්ටෝ) ආශ්‍රිත...

71 කැරැල්ලේ ජවිපෙ මධ්යම පළාත් ප්‍රධානී අනුර කුරුකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි

1971 ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ලේදී ජවිපෙ මධ්යම පළාත්...

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ගැන ලෝක බැංකුවේ අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: නොවැම්බර් 17 වන දින...

මාස පහකට පසු සුගීෂ්වර බණ්ඩාරට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා...