ෆින්ලන්තය රුසියානු දේශසීමාවේ හරස් මාර්ග හතරක් වසා දමා කරගත්තේ වරදක්ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ෆින්ලන්තය රුසියානු දේශසීමාවේ හරස් මාර්ග හතරක් වසා දමා ඇති බවට තොරතුරු වාර්තා වේ. එයට හේතුව වන්නේ, රුසියාවේ මොස්කව් සිට පැමිණෙන සරණාගතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන නිසා එය පාලනයට බවයි එරට බලධාරීන් පවසන්නේ.

තමන් Nato සංවිධානය සමග සම්බන්ධ වීම නිසා පළිගැනීමක් ලෙස සංක්‍රමණිකයන් හරස් මාර්ග වෙත යොමු කරන බව ෆින්ලන්තයේ අගනුවර වන Helsinki විසින් රුසියාවට චෝදනා කර සිටී.

රුසියාවේ Kremlin ප්‍රකාශක Dmitry Peskov පවසන්නේ, හරස් මාර්ග වසා දමමින් ෆින්ලන්තය විශාල වැරැද්දක් කරන අතර එමගින් ෆින්ලන්තය ද්විපාර්ශ්වික සබඳතා විනාශ කරන බවයි.



දේශසීමා ආරක්ෂකයින් පවසන පරිදි මේ සතියේ සරණාගතයින් 300 ක් පමණ ෆින්ලන්තයට පැමිණ ඇති අතර, ෆින්ලන්ත දේශසීමා ආරක්ෂක බළකාය පැවසුවේ පෙරේදා (16) මධ්‍යම රාත්‍රියේ සිට ගිනිකොනදිග ෆින්ලන්තයේ Vaalimaa, Nuijamaa, Imatra සහ Niirala දේශසීමාවල බාධක යොදන බවයි.

මෙම හරස් මාර්ගවලින් සිරියාව, යේමනය සහ ඉරාකය ඇතුළු රටවල පුරවැසියන්ද නීතිවිරෝධී ලෙස ෆින්ලන්තයට ඇතුළු වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...