ජල කප්පාදුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (19) උදෑසන 8.30 සිට ජල කප්පාදුවක් සිදු කෙරෙන අතර එම ප්‍රදේශ වන්නේ පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක සහ සීදූව නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පෙ ,ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටයි.

සපුගස්කන්ද විදුලිබල මණ්ඩලයේ හදිසි බිඳ වැටීමක් සමග බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයීම අත්හිටුවීමට සිදුවීම හේතුවෙන් මෙසේ ජල කප්පාදුව සිදු වේ.

ඒ අනුව අද උදෑසන 8. 30 සිට රාත්‍රී 8.30 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇත.

ඊට අමතරව ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව, ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...