තෙළිඟු නිළියක් වන රේඛා බෝජ්ගේ අමුතු කථාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (නොවැම්බර් 19) පැවැත්වීමට නියමිත 2023 ICC ලෝක කුසලානය සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රසිද්ධ තෙළිඟු නිළියක් වන රේඛා බෝජ් විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ඇති බව වාර්තා වේ.

ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පවසා ඇත්තේ “ඉන්දියාව ලෝක කුසලානය දිනුවොත්, මම විශාකාපට්නම් වෙරළ තීරයේ නිරුවතින් දිව යනවා” යනුවෙනි.

මෙම ප්‍රකාශය ඉන්දියාව පුරා දැඩි මතභේදයට ලක්ව ඇති අතර , ඉන්දීය විචාරකයින් පවසා ඇත්තේ, ඇය මෙම ප්‍රකාශය කර ඇත්තේ ප්‍රසිද්ධිය උදෙසා බවයි.

කෙසේ වෙතත් ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, තමන් එම ප්‍රකාශය සිදුකළේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ආදරය දැක්වීම සඳහා බවය.


2023 ICC ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය අද (19) අහමදාබාද්හි දී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...