රට විනාශ කළ, රට බංකොලොත් කළ හොරු අයවැයට පක්ෂව ඡන්දය දුන්නා – විපක්ෂ නායක (VIDEO)

Date:

රට බංකොලොත් කළ, රට විනාශ කළ හොරුන් 2024 අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමාලා විවේචන ඉදිරිපත් කළාට ආණ්ඩුව වැඩි ඡන්දයෙන් අයවැය සම්මත කරගත්තා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද ?

“පුදුමයක් වෙන්න දෙයක් නැහැ. රට විනාශ කරපු, රට බංකොලොත් කරපු හොර හැතිකරයට 122ක හොර වරමක් රට බංකොලොත් කරපු වරමක් ලබාදුන්නු අවස්ථාවක්. ඉතින් මම ඔය වගේ දේකට පටහැණි ප්‍රතිඵලයක් මේ දේශපාලන වහල්ලුන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ”

ප්‍රශ්නය – නමුත් මුලින් අයවැය ගැන ආණ්ඩුව පැත්තෙන්ම යම් විවේචනයකුත් තිබුණා නේද ? නමුත් අවසානයේදී අයවැය පරාජය වෙන්නෙ නෑ …

“ඒක ගැන පුදුම වෙන්නෙත් නෑ. මොකද ලක්ෂ 220ක් මේ රටේ ජනතාව අන්දවන නරිනාටක, නාඩගම් තමයි අපට ආණ්ඩු පාර්ශ්වයෙන් දකින්න ලැබෙන්නෙ. ඉතින් මං හිතන්නෙ තවදුරටත් මේ රටේ ජීවත් වන්නේ ලක්ෂ 220ක් මෝඩයෝ කොට්ඨාසයක් හැටියට සලකලා තමයි ආණ්ඩුව හැසිරෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම ඉදිරි ජනවරමේදී බලාගන්න පුළුවන් හැමෝගෙම පැටිකිරිය”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?