පේරාදෙණිය නගරයේ වෙළඳසැල් 4කට පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයකු මරුට !

පවතින අධික වර්ෂාපතනය හමුවේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය නගරයේ වෙළඳසැල් 4ක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එක් වෙළඳසැලක් තුළ සිටි පුද්ගලයකු මියගොස් තිබේ.

මෙම නායයාම සිදුව ඇත්තේ ඊයේ (21) රාත්‍රියේදී ය. එම අනතුරින් මියගොස් ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේම පදිංචි 68 හැවිරිදි අයෙකි.

මෙම ස්ථානය මීට පෙරත් නායයාමක් සිදුවූ ස්ථානයක් බැවින් එතැනින් ඉවත් වන ලෙස වෙළඳසැල් හිමියන්ට දැනුම් දී තිබුණත් ඔවුන් එසේ ඉවත් නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

RN