ඕනෑම ජන්දයක් වෙනුවෙන් බි.10ක් සූදානම්!

කොළඹ LNW:ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙවර අයවැය සකස් කිරීමේ දී විශේෂයෙන් අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදු වූ අතර 2023 වර්ෂයේ රාජ්‍ය ආදායම ඉලක්ක කළ ප්‍රමාණයට වඩා 16%ක් පමණ අඩු වූ බවයි සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ.

”ඍණාත්මක වර්ෂයක බලාපොරොත්තු වන ඉල්ලක්කයන් සපුරා ගැනීමට නොහැකි වීම සාමාන්‍යය තත්ත්වයක් වනවා. අයවැය ලේඛනය සකස් කිරීමේදී ප්‍රාථමික ගිණුම ධනව තබාගැනීම වැනි ඉලක්ක සමග ගමන් කිරීමේ දී අප දැඩි සීමාවකට ලක්වනවා. අදායමට වඩා වැඩි වියදමක් දැරීමට සිදු වූ විට එම හිඟය පියවා ගැනිමට ණය ගැනීමට සිදු වුණා. නමුත් ඉදිරි වර්ෂයේ දී අපට ණය ගැනීමේ ඉඩ බොහෝ දුරට සීමා වී තිබෙනවා. මීට පෙර දේශීය ණය ගැනීමේ දී බොහෝ පහසු ක්‍රමයන් අනුගමනය කළා. නමුත් අප විසින් සම්මත කරගත් නව මහ බැංකු පනත අනුව ණය ගැනීම සීමා වී තිබෙනවා. රජයට ණය ගැනීමට හැකියාව ඇත්තේ මහ බැංකුව විසින් හදිසියේ ප්‍රකාශයට පත්කළ අවස්ථාවක දී පමණයි. ඒ වගේම ඉදිරියට පැමිණිය හැකි ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් අප විසින් රුපියල් බිලියන 10ක් වෙන්කර තිබෙනවා. එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙනවා” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...