*
Saturday, May 10, 2025
spot_img

Latest Posts

පලස්තීනුවන් 300කගේ ලැයිස්තුවක් එළියට. 274 ක් පිරිමි පුද්ගලයින්

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් ගිවිසුම යටතේ නිදහස් කළ හැකි පලස්තීනුවන් 300කගේ ලැයිස්තුවක් ඊශ්‍රායලය විසින් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලයේ අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති ලැයිස්තුවට සුදුසුකම් ලත් අයගේ නම්, වයස සහ ඔවුන්ගේ වැරදි ඇතුළත් වන බවත්, නිදහස් කිරීම සඳහා ලැයිස්තුගත කර ඇති පලස්තීන රැඳවියන් 300 දෙනාගෙන් 274 ක් පිරිමි පුද්ගලයින් වන බවයි පැවසෙන්නේ.

ඊශ්‍රායල අධිකරණ අමාත්‍යාංශය විසින් බෙදාගත් ලැයිස්තුවට අනුව බොහෝ දෙනා වයස අවුරුදු 17 හෝ 18, සහ සමස්ත වයස් පරාසය 14-59ත් අතර වන බවයි සඳහන් වන අතර , එම රැඳවියන්ගේ වැරදි ද ලැයිස්තුගත කර තිබෙන බවද සඳහන් වේ.

මිනීමැරීමට තැත් කිරීම, බෝම්බයක් විසි කිරීම, පුපුරණ ද්‍රව්‍ය හෝ ගිනි අවුලුවන වස්තුවක් නිර්මාණය කිරීම, ගල් විසි කිරීම, සතුරු සංවිධානයක් සමග සම්බන්ධතා පැවැත්වීම , බරපතල ශාරීරික හානි සහ ජාතිකවාදී පදනම මත ගිනි තැබීම වැනි වැරදි එයට ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan