විමල්ගේ ඉන්දීය විරෝධයත් හබක් – ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවෙයි

0
369

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක් සිදුව තිබෙනවා. මෙම හමුව ඊයේ (24) කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුව සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ කර්මාන්ත අංශයේ සහයෝගීතාවය වර්ධනය කර ගැනීම කෙරෙහි දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ බවයි.

වත්මන් රජය බලයට පත්වීමට පෙර දැඩි ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ විමල් වීරවංශ මහතා අවස්ථා කිහිපයකදී ඉන්දියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වූ අවස්ථාවේදීද වීරවංශ මහතාගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here