අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් නෑ මාස තුනකට ඇතිවෙන්න බඩු තියනවා – මුදල් ඇමති

රටතුළ පවතින භාණ්ඩ ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. රේගු දත්තවලට අනුව මාස තුනකට ප්‍රමාණවත් භාණ්ඩ රටතුළ පවතින බවයි මුදල් ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

ඇතැම් අවස්ථාවල භාණ්ඩ හිගයක් ඇතිවිය හැකි බවත්, ඊට හේතුව නිසි පරිදි භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු සිදු නොවීම බවත් රාජපක්ෂ මහතා සඳහන් කරයි. භාණ්ඩ බෙදාහාරීම පිළිබඳ දත්ත නොමැති වුවත්, මාස තුනකට ප්‍රමාණවත් වන අත්‍යවශ්‍ය භාණ්ඩ තොග රටතුළ පවතින බව නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතා මෙම කරුණු සඳහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ඇතැම් භාණ්ඩ තොග ගබඩා කිරීම හෝ වෙළඳාමට අදාල කොන්දේසි හේතුවෙන් ඇතැම් වෙළඳුන් අයුතු ලාභ ගැනීමට උත්සාහ දරන බවයි. එවැනි තත්වයක් ඇති වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් එවැනි කටයුතුවල නිරත වන වෙළඳුන් නීතිය හමුවට ගෙනයාමට කටයුතු කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...