ප්‍රචණ්ඩකාරී ගැටුම් නිසා අයර්ලන්තය නොසන්සුන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):අයර්ලන්තයේ Dublin හි ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ පුද්ගලයෙකු විසින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකුට සිදුකළ පිහි ඇනුමක් සම්භන්ධ සිදුවීමක් මුල් කරගෙනයි.

මේ නිසා ඊයේ(23) අයර්ලන්තයේ Dublin හි මධ්‍යම ප්‍රදේශයේ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවූ බවත්, සිද්ධියෙන් කම්පනයට පත්වූ ජනතාව තරමක් සන්සුන් කර ගැනීමට ඔවුන් මධ්‍යම රාත්‍රියද පසුවන තෙක් උත්සහ කළ බවත් පොලිසිය පවසයි.

ඇතිවූ තත්ත්වය පිළිබඳ නිශ්චිත සිදුවීම් සහ වැඩිදුර තොරතුරු තවමත් විමර්ශනය කරන බවයි අයර්ලන්ත පොලිසිය පවසන්නේ.

සමාජ මාධ්‍යවල මේ වනවිට හුවමාරු වන වීඩියෝවල මිනිසුන් කණ්ඩායමක් Dublin හි නිලධාරීන් සමග ගැටී පොලිස් මෝටර් රථයකට ගිනි තබන ආකාරයද දැක්වෙන අතර, බරපතල තුවාල ලබා රෝහලේ හදිසි ප්‍රතිකාර ලබන 5 හැවිරිදි දැරියක් ඇතුළු 05 දෙනෙකුට පිහියෙන් ඇනීම සම්බන්ධයෙන් 50 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙය “බරපතල ප්‍රහාරයක්” සඳහා ත්‍රස්තවාද චේතනාවක් ලෙස නොසලකන බව අයර්ලන්ත පොලිසිය පවසයි.

තවද, Dublin හි මාධ්‍යවේදීන් අමතමින් gardai අධිකාරී Liam Geraghty, පිහි ඇනුම තුළ “ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකමක්” නොවන බව මහජනතාවට සහතික වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...

රට වනසන ගල් අඟුරු මාෆියාවට එරෙහිව කොළඹදී විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW:පුනරුදය සඳහා අඩු මිලට ස්වභාවික බලශක්ති රැකගැනීම වෙනුවෙන්...

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු...