ජනතාවට හොඳ සේවයක් ලබාදීමට සෞඛ්‍ය සේවාවේ නව තීරණ රැසක් ගත්තා – සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උපරිම, විශ්වාසදායි සෞඛ්‍ය සේවාවක් ජනතාවට සැපයීම වෙනුවෙන්, වැදගත් තීරණ රැසකට එලෙඹි බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ඖෂධ සැපයිම්, ජාලය කාර්‍යක්ෂමතාව, විධිමත් සහ වඩාත් විනිවිද භාවයකින් යුතුව ගුණාත්මක ඖෂධ කලට වේලාවට සැපයීමට හැකි එකක් ලෙස සකස් කිරීම වෙනුවෙන් අදාල සියලු පාර්ශ්ව සමග ඊයේ ( 23) විශේෂ සාකච්ජා කිහිපයක් පැවැත්වුනු බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටී.

තවද ඒ මහතා පැවසූවේ, පවතින වැසි තත්වය සමග ඉහල යන ඩෙංගු අවදානම හමුවේ ඩෙංගු වසංගතයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර කඩිනමින් ගන්නැයි තමන් සියලු වගකිවයුතු අංශවලට විශේෂ උපදෙස් නිකුත් කල බවයි.

ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ, ඩෙංගු මර්දන ක්‍රියාවලියේ දැනට තිබෙන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒවා විසදාගැනීමට ඊයේ පැවැත්වුනු සාකච්ජාවලින් හැකියාවක් ලැබුනු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...