සාලියගෙන් ජනපතිට පිළිතුරු!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ(24) දින පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතා විසින් Facebook සටහනක් තබමින් පිළිතුරු ලබාදී ඇත.

එහිදී, 2022 මැයි 9 වැනිදාට පෙර අගමැති වීමේ අභිලාෂයක් තිබූ බවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ඔහු පවසා ඇත.

ඔහු තවදුරටත් සඳහන් කරන්නේ, අවාසනාවකට ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මේ බොරු ප්‍රකාශ කරන්නේ ඔහුට පිළිතුරු දිය නොහැකි තැනක බවත් , 2022 මැයි මාසයේදී ඉදිරිපත් කරන ලද BASL යෝජනා කිසි විටෙක තනි පුද්ගල යෝජනා නොවන අතර ඒවා එහි විධායක කමිටුව විසින් හොඳින් සිතා බලා නීතිඥ මණ්ඩලය විසින් අනුමත කරන ලද ඒවා බවයි.

නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතා එම සටහනෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නීති ප්‍රජාව මෙම යෝජනා ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ දේශපාලන හා පාලන අර්බුදයට විසඳුමක් යෝජනා කිරීමේ බවත් ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ අවශ්‍යතා මනසේ තබාගෙන යෝජනා කළ ඒවා බවත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...

Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු...