පාස්කු ප්‍රහාරය : කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රාහිම්ට එරෙහි නඩුව කැඳවීමට දින නියම කෙරේ

Date:

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව ලබන 29 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය ඊයේ (25) නියම කළේය.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

මොහොමඩ් ඊබ්‍රාහීම් යනු පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඉන්ශාබ් සහ මොහොමඩ් ඉල්හාම් යන ත්‍රස්තවාදීන් දෙදෙනාගේ පියා වන අතර දෙමටගොඩ පිහිටි ඔහුගේ නිවසේ ද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවිය. කෝටිපති ව්‍යාපාරිකයකු වන ඊබ්‍රාහිම් 2015 මහමැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ද තරගවැදී තිබිණි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැන සිටියදීත් එය වසන් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...