පාස්කු ප්‍රහාරය : කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රාහිම්ට එරෙහි නඩුව කැඳවීමට දින නියම කෙරේ

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව ලබන 29 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය ඊයේ (25) නියම කළේය.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

මොහොමඩ් ඊබ්‍රාහීම් යනු පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඉන්ශාබ් සහ මොහොමඩ් ඉල්හාම් යන ත්‍රස්තවාදීන් දෙදෙනාගේ පියා වන අතර දෙමටගොඩ පිහිටි ඔහුගේ නිවසේ ද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවිය. කෝටිපති ව්‍යාපාරිකයකු වන ඊබ්‍රාහිම් 2015 මහමැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ද තරගවැදී තිබිණි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැන සිටියදීත් එය වසන් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...