පාස්ටර් ජෙරෝම් යළි දිවයිනට !

Date:

ජෙරෝම් ප්‍රනාන්දු දේවගැතිවරයා අද (29) උදෑසන යළි මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද අළුයම දෝහා සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි ඔහු මුදල් ගෙවා පහසුකම් ලබා ගතහැකි VIP පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා විය.

අධිකරණ නියෝගයකට අනුව පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිත බව සඳහන්.

ආගමික සහජීවනයට හානිකර ප්‍රකාශ සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් අනුව මෙම දේවගැතිවරයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ වෙද්දී ඔහු දිවයිනෙන් පිටව ගොස් තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...