සිසුන්ට පොලිතීන් කැවූ විදුහල්පති රිමාන්ඩ්

Date:

පාසල් සිසුන් පිරිසකට ඔවුන් සිය දිවා ආහාරය ඔතාගෙන පැමිණි පොලිතීන් කොළ සහ පත්තර කොළ කැවූ විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම සිද්ධිය සිදුව තිබුණේ නාවලපිටිය, රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේදී ය. එහිදී සිසුන් පස් දෙනෙකුට මෙසේ පොලිතීන් සහ පත්තර කොළ කවමින් අමානුෂික ලෙස වධහිංසා පැමිණවීමට එහි විදුහල්පතිවරයා කටයුතු කළ බවට පැමිණිලි ලැබී ඇත. එයින් සිසුන් දෙදෙනෙකු උදරාබාධ හේතුවෙන් රෝහල්ගත කිරීමට ද දෙමව්පියන්ට සිදුව තිබිණි.

පොලිසිය විසින් මෙම විදුහල්පතිවර්යාව පෙරේදා (28) දිනයේදී අත් අඩංගුවට ගෙන ඊයේ (29) දිනයේදී නාවලපිටිය මහේස්ත්‍රාත් නිලන්ත විමලවීර මහතා හමුවට ඉදිරිපත් කර තිබුණු අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ සැකකාර විදුහල්පතිවරයාව ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි විදුහල්පතිවරයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...