*
Monday, May 13, 2024
spot_img

Latest Posts

රටේ ජනතාව මුහුණ දෙන දැවෙන ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් අගමැතිවරයාට යොමු කරයි (VIDEO)

අගමැතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියකු යැයි කියා ගන්නා එක්තරා පුද්ගලයකු හා කණ්ඩායමක් ඩෙන්මාර්කයේ රැකියා ලබා දෙන බව පවසා මෙරට තරුණයන්ගෙන් රුපියල් ලක්ෂ 6 බැගින් ගෙන ඇති බවත් එය නෙත් එෆ්.එම් නාලිකාවේ පවා විකාශය වූ බැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

රැකියා නොලැබුණු උපාධිධාරී 465 දෙනාගේ ගැටලුව නැවතත් පාර්ලිමේන්තුවට

එසේම උපාධිධාරින්ට රැකියා ලබා දීමේ දී අත්හැරුණු 465 දෙනකුගේ රැකියා ගැටලුව සම්බන්ධයෙන් කිහිප වරක් තමා දැනුවත් කළත් ඒ ගැටලුව තවම විසඳී නොමැති බවත් ඔවුන්ගේ රැකියා කඩිනමින් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

නව ප්‍රා.ලේ. කාර්යාල ඇති කරන්න

එසේම රටේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ උප ප්‍රාදේශිය ලේකම් කාර්යාල 341ක් පැවතියත් තවත් දිස්ත්‍රික්ක ගණනාවක අලුතින් ප්‍රාදේශි ලේකම් කාර්යාල පිහිටුවිය යුතු බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එවැනි කාර්යාල පිහිටුවනවා කිව්වත් ඒවා නාමිකව පමණක් ක්‍රියාත්මක වන බැවින් එවැනි කාර්යාල ඇති කිරීම කඩිනම් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

ග්‍රාමසේවා වසම් වැඩි කළ යුතු යි

එමෙන් ම රටේ පවතින ග්‍රාමසේවා වසම්වල ජනගහන වර්ධනය වේගවත් වීම නිසා විශාල ග්‍රාම නිලධාරී වසම් ඇතිව තිබෙන හෙයින් ඒවා ගැන අධ්‍යයනය කර අලුතින් ග්‍රාම සේවා වසම් ඇති කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය. තවද ග්‍රාම නිලධාරීවරුන් විසින් සේවා ව්‍යවස්ථාවක් ලබා දීම, නිසි වැටුප් තලයේ පිහිටුවීම සහ රාජකාරි කටයුතු සිදු කිරිමට අවශ්‍ය සම්පත් ලබා දෙන ලෙස අවස්ථා ගණනාවක දී ඉල්ලා ඇති බවත් විපක්ෂය විසින් ස්ථාවර නියෝග 27 (2) යටතේ පවා මේ ගැටලු අවස්ථා ගණනාවක දි මතුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

අපි මන්ත්‍රීවරු වහලුන් කරලා නැහැ

තවද සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය මන්ත්‍රීවරුන් වහලුන් බවට පත් කිරීමේ යුගය අවසන් කර ඔවුන්ට ඕනෑම පුද්ගලයකු සමඟ සාකච්ඡා කිරීමටත් තීන්දු තීරණවලට එළැබීමටත් නිදහස ලබා දී ඇති බවත් වහල් සංස්කෘතිය ඉවත් කර ක්‍රමයේ වෙනසක් පක්ෂය තුළින් ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

ජනපති ගෝඨාභය අත්හිටවූ විශ්‍රාම වැටුප් ගැලපීම නැවත ලබා දෙන්න

පොහොට්ටුව බලයට පැමිණ පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩල තීන්දුවක් හරහා විශ්‍රමිකයන් 120000කට වැටුප් වැඩිවීම් ගැලපීම වහා නතර කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් එසේ කරන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස 12%් තිබූ බවත් ඉන් පසු සුපිරි කෝටිපතියන්ට රුපියල් බිලියන 600ත් 700ත් අතර බදු සහන ලබා දුන් නිසා රාජ්‍ය ආදායම ද.දේ. නි. ප්‍රතිශතයක් ලෙස 8%ට වැටුණු බවත් ඒ නිසා ඒ විශ්‍රාමිකයන්ට එම දීමනාව ලබා දීමට නොහැකි වූ හෙයින් මේ වරද දැන්වත් නිවැරදි කරන ලෙසත් ඉල්ලා සිටියේය.

රාජ්‍ය නිලධාරින්ගේ පුහුණු අවස්ථා වැඩි කරන්න

රටේ රාජ්‍ය සේවාව වඩාත් ප්‍රශස්ත හා ප්‍රබුද්ධ ආකාරයට ගෙන ඒමට නව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසත් සිංගප්පූරුවේ සිවිල් සර්විස් කොලේජ් එකට සමාන කොලේජ් එකක් ඇති කරන ලෙසත් එතෙක් සිංගප්පූරුවේ සිවිල් සර්විස් කොලේජ් එකට රජ්‍ය නිලධාරින් යවා පුහුණුව ලබා දෙන ලෙසත් ඊට අමතරව ඉන්දියාව වැනි රටවල ඇති ශිෂ්‍යත්ව වැඩසටහන් වලට යොමු කර දැනුම වර්ධනය කරන ලෙසත් ඉල්ලා සිටියේය. එසේම රාජ්‍ය සේවයේ තරාතිරම නොබලා නොමිලේ ගුණාත්මකභාවයෙන් ඉහළ ඉංග්‍රීසි භාෂා දැනුම ලබා ගැනීමේ වැඩසටහනකට යොමුවන ලෙසත් ඒ තුළින් ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව වැඩි කර ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan