මෙරුවනි, මේ ගීය ඔබටයි ….

Date:

ගැඹුරු අඳුරු සෙවනැලි
වැටී ඇති මාවතක
තටුගසා ඉගිලෙන මෙරුවනි
මේ ගීය ඔබටයි !

ආලෝක බින්දුවක් දුර ඈත දැක දැක
මෑත වෙහෙසව හතිලන ඉකිලන
හීනෙනුත් තිගැස්සෙන ඇහැරී බියවන
යලි කිසිදාක ස්මරණ නොකරමියි පවසන

මේ අඳුරු මාවතෙන් ඉක්මනින් නික්මෙන්න !!

ගැඹුරු අඳුරු සෙවනැලි
වැටී ඇති මාවතක
තටුගසා ඉගිලෙන මෙරුවනි
මේ ගීය ඔබටයි !

වනපෙත මැදින් වැටී ඇති බොරළු මග
දෙපස අතුපතර මැද මැසිමාරන් සැඟව ඇති
කොතරම් වෙහෙස දැනුනත් දෑස නම් නොපියනු
ඇසිපියලි හලන මොහොතත් ලතැවුලට හේතුවකි

වෙනදාට වැඩියෙන් දෑස් දල්වන් ඉන්න !!

ගැඹුරු අඳුරු සෙවනැලි
වැටී ඇති මාවතක
තටුගසා ඉගිලෙන මෙරුවනි
මේ ගීය ඔබටයි !

ශේෂ වූ පැතුම් ඇති ඉස ගලේ ගසාගෙන
වැලපිලා තැවිලා සුසුම්ලා අහවරව
ඉගිලෙන්න පියාපත් විදාලන මොහොතෙදි
හිස වූ මහ බරෙන් අඩක් වත් හැරයන්න !

ආලෝකය ඉපදී, පවතී නැතිවී යයි !
එබැවින් යුහුසුළු වන්න !

මේ කල්පාවසානයෙහි ස්තුති කථාවේ
මෙරුන්ගේ පරිච්ඡේදයෙහි කොටසක් වන්න !!

ගැඹුරු අඳුරු සෙවනැලි
වැටී ඇතිමාවතක
තටුගසා ඉගිලෙන මෙරුවනි
මේ ගීය ඔබටයි !

~ MKCP ශෂීන්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...