පාස්ටර් ජෙරොම් CID යට පැමිණෙයි!

කොළඹ LNW:ජෙරෝම් ප්‍රනාන්දු දේවගැතිවරයා අද (30) උදෑසන 08.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඊයේ (29)දින ඔහු කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබුණි.

ඔහු මුදල් ගෙවා පහසුකම් ලබා ගතහැකි VIP පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වූ අතර අධිකරණ නියෝගයකට අනුව පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබුණි.

ඒ අනුවයි ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නේ,

ආගමික සහජීවනයට හානිකර ප්‍රකාශ සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් අනුව මෙම දේවගැතිවරයාට එරෙහිව විමර්ශනයක් වූ අතර එම විමර්ශනය අතරතුර ඔහු දිවයිනෙන් පිටව ගොස් තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...