අඩු ආදායම්ලාභී කුලී නිවැසියන්ට වෙන්න යන දේ…

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අඩු ආදායම්ලාභීන්ට කුලී පදනම මත ලබා දී ඇති නිවාසවල කුලිය අය කර ගැනීම ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම නතර කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

” කඳුකර ප්‍රදේශවල පොදු යටිතල පහසුකම් හා සේවාවන්හි සංවර්ධනයට රුපියල් මිලියන 10,000ක් වෙන් කර තිබෙනවා. උතුරු, නැඟෙනහිර නිවාස 25,000ක් සඳහා සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් ලබන වසරේ ආරම්භ කරනවා.

මේ අමාත්‍යංශය යටතේ 123, 291, 309 සිට 311 දක්වා වන වැය ශීර්ෂ සම්බන්ධවයි අද අපි සාකච්ඡා කරන්නේ. පසුගිය අය වැයේදීත් මම පැහැදිලිව කිවුවා. එදා අමාත්‍යාංශය සම්බන්ධයෙන් කතා වූ සියලු කරුණු කාරණා උපදේශන කාරක සභාවට යොමු කරලා අවශ්‍ය පියවර ගන්නවා කියලා. ඒ වගේම අද දිනයේදීත් මේ පාර්ලිමේන්තුවේ මෙම අමාත්‍යාංශය සම්බන්ධ වැය ශීර්ෂයේදී ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් උපදේශන කාරක සභාවට ඉදිරිපත් කරලා ඒ පිළිබඳව ධනාත්මකව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ සියලුදෙනා ඉදිරිපත් කරන කාරණා ධනාත්මකව භාර ගන්න අපි සූදානම් කියන කාරණාවත් මම මතක් කරනවා. මම මුලින්ම කියන්න කැමතියි රටේ පැවති ආර්ථික අර්බුදයෙන් පස්සේ රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවට හොඳම සහතිකයක් තමයි මෙවර අය වැයෙන් ලබා දී තිබෙන්නේ. මොකද ආර්ථික අර්බුදය නිසා කඩා වැටිලා තිබුණු රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරලා නැවත ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් මේ අය වැයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා “

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට එක්වෙමින් (29) ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...