2023 වසරේ නාවික හමුදා වැටලීම්වලින් රු. මි. 20,576 ක මත්ද්‍රව්‍ය සොයාගෙන!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023 වසරේ ජනවාරි සිට නොවැම්බර් 27 දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 20,576ක මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව කියා සිටී.

වැටලීම්වලින් රුපියල් මිලියන 21,000කට ආසන්න වටිනාකමිකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

නාවික හමුදාව පැවසුවේ, එම කාලය තුළ හෙරොයින් මත්‍ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 715යි ග්‍රෑම් 509ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 17,887ක්ය. තවද කේරල ගංජා කිලෝග්‍රෑම් 3641යි ග්‍රෑම් 15ක් සහ දේශීය ගංජා කිලෝග්‍රෑම් 50 ග්‍රෑම් 288ක තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවත් එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 1,456ක් වන බවත්ය.

තවද, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 755ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 95ක් වන බවත් රුපියල් මිලියන 1,127ක වටිනාකමින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 140යි ග්‍රෑම් 993ක තොගයක් ද මේ වසරේ සිදුකළ වැටලීම්වලින් නාවික හමුදාභාරයට ගෙන ඇති බවත්, නාවික හමුදාව පවසයි.

තවදුරටත් නාවික හමුදාව සඳහන් කළේ, අදාළ මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයින් 14 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර පාකිස්තාන ජාතිකයින් 02කු, ඉරාන ජාතිකයින් 06 දෙනෙකු සහ ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු වන බවයි.

එමෙන්ම මෙරට පුද්ගලයින් 215 දෙනෙකු ද මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ ප්‍රවාහනය යන චෝදනා මත මේ වසරේ ගත වූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ විදෙස් ජාතිකයින් සතු බෝට්ටු 03ක් සහ මෙරට පුද්ගලයින් සතු බෝට්ටු 43ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බවද තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමකාලීන තාරුණ්‍යය ජනප්‍රියවාදී ප්‍රවේශයකින් : වාලම්පූරි සහ දියමන්ති !

තරුණ සිනමා අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ වාලම්පූරි...

හිතාගන්න බැරි අයට නඩු වැටෙන්න පටන් අරන් තියෙනවා. නඩු පෝලිමක් එනවා – ඇමති නාමල්

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂයේ දේශපාලනඥයින් 40 කට වැඩි ප්‍රමාණයකට...

මාලිමා ප්‍රපංචයේ හැකියාවන් සහ නොහැකියාවන් ….

රට බංකොලොත් වෙන්ට බලපාපු එකම හේතුව දේශපාලන තන්ත්‍රය විසින්...

කීරි සම්බා හිඟයක්. ආදේශක සහල් පිටරටින් ගෙන්වීමට නිර්දේශ කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ...