මෛත්‍රී – විමල් – ගම්මන්පිල හවුල මාර්තු 02 කරළියට. ආණ්ඩුවට යෝජනාවලියක්

Date:

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ආණ්ඩුවේ කුඩා පක්ෂවල යෝජනාවලියක් 2022 මාර්තු 02 වනදා එළිදැක්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද මෙම යෝජනාවලිය “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය වශයෙන් නම් කර ඇත.

එය එළඹෙන 02 වනදා සවස 03.00 ට ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් ශාලාවේදී එළිදැක්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය 23 වනදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී පවත්වා තිබිණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන්, අතුරලියේ රතන හිමි, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ 11 නියෝජිතයින් සහ විද්වතුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...