ශ්‍රී ලංකාවේ ණය ගනුදෙනුවට එක්සත් ජනපදයෙනුත් පිළිගැනීමක්!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනේ දක්වා ඇති පරාමිතිවලට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිශ්චිත මූල්‍ය කොන්දේසි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ නිල ණය කාරක කමිටුව (OCC) අතර ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාව එක්සත් ජනපදය විසින් පිළිගෙන තිබේ.

මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ඵලදායී මාවතකට ගමන් කිරීමට සහාය වන බව කොළඹ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලබා දීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ හොඳ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ගිවිසුම තීරනාත්මක බව චන්ග් එහිදී අවධාරණය කළාය.

එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ අත්කර දෙමින් ආර්ථික ස්ථාවරත්වය සහ රාජ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය මූල්‍ය සහාය ලබා ගත හැක.

එක්සත් ජනපදය තිරසාර ප්‍රකෘතියක් සඳහා ශ්‍රී ලංකාව සමඟ සිටින බව තානාපතිවරිය තවදුරටත් අවධාරණය කරන ලදී.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...

යුරෝපා සංගමය රුසියානු වත්කම්වලින් යුරෝ බිලියන ගණනක් යුරේනයට ලබා දෙන ලකුණු

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසල්ස්...

රෝගීන් 12 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාමත ප්‍රංශයේ නිර්වින්දන වෛද්‍යවරයකු අත්අඩංගුවට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශකයකට...