රොෂාන්ටත් අල්ලස් කොමිසමේ චෝදනා ගොනු වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්කලක් කර බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරනය කරයි.මීට පෙර ද මාධ්‍ය පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පෙන්වා දුන්නේ ජාතික ක්‍රීඩා අරමුදලේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය මාධ්‍ය හරහා සමාජ ගතකළ තොරතුරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉදිරිපත් කළ තොරුතුරු අතර විශාල වෙනසක් තිබෙන බවය.
මේ වන විට එම තත්ත්වය පදනම් කරගෙන අල්ලස් කොමිසම දක්වා යන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇත. නම් කරන ලද අරමුණු සඳහා සහ එම විධිමත් ලෙස භාවිතා කිරීම ගැන ලබා දුන් දත්ත ඇසුරේ ඇති වෙනස්කම් හරහා ඇති වි තිබෙන සැකය පදනම් කරගෙන සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂාවෙන් මෙම පැමිණිල්ල කරන්න යෙදී ඇත.පැමිණිල්ල සිදු කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මාධය වෙත යොමු කරන ලද ලිපියද පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...