ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස යන වදන් එක් ව කියැවෙන්නකි.එහෙත්,මේ නිදහස සම්බන්ධයෙන් සත්ව වර්ගයාගේ මතු පැවැත්ම සඳහා ඉවහල් වන ජෛවමය ආවේගය වන ලිංගිකත්වය අදාල නොවන්නේ මන්ද? යන්න අතීතයේ සිටි විවිධ අයුරින් ප්‍රශ්න කිරීම් වලට ලක් වි තිබේ.
විශේෂයෙන් 1960 දශකයේ සිට ක්‍රියාත්මක වූ “මානව ලිංගික විමුක්ති සංකල්පය”පොදුවේ හැඳින්වෙන ලද්දේ සමාජ ද්‍රෝහී ක්‍රියාවක් ලෙසිනි.නමුත් මානව චින්තන පරිනාමයත් සමඟ නැඟෙන මෙම හඬෙහි “යම් පදනමක්”ඇති බව වටහා ගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද ලෝක සමුළුව විසින් 1993 වසරේ දී මාවන ලිංගිකත්වයට අදාල හිමිකම් පිළිබද ප්‍රඥප්තියක් සකස් කරන ලදී.
පසුව එය ලිංගික අයිතීන් සදහා වූ “සැළසුම් කළ මාපියභාවය පිළිබද ජාත්‍යන්තර සම්මේලන“ (International Planned Parenthood Federation) ප්‍රකාශනය ලෙස එළි දක්වනු ලැබීය. එමගින් මානව ලිංගික හා ප්‍රජනක අයිතීන් පිළිබඳ විස්තරාත්මක හඳුනා ගැනීමක් සිදු කරනු ලැබුවේ මෙම මාතෘකාව පිළිබද විධිමත් සැළකිල්ලක් නොතිබූ පසුබිමක් තුළදී ය.
මෙමගින් සියලු පුද්ගලයන් විෂයෙහි පවතින ලිංගික ස්වාධීන්වයට ඇති අයිතිය සහ ලිංගික සෞඛ්‍ය ප්‍රවර්ධනයට ඇති අයිතිය ආරක්ෂා කිරීමත් එයට ගරු කිරීමත් අපේක්ෂා කර තිබේ.
ලිංගික අයිතීන් පිළිබද නිදහස, සමානාත්මතාව, පෞද්ගලිකත්වය, ස්වාධීනත්වය, ගෞරවය ආදිය පිළිබඳව ද වැඩි අවධානයක් මෙමඟින් යොමුකර තිබේ. එමඟින් දූෂණය,අපයෝජනය,කුට්ටනය,අපහරණය,ව්‍යභිචාරය යන අයථා අයුතු,අසාධාරණ ක්‍රියාවන්ගෙන් තොරව එකි`නෙකා කෙරෙහි ගෞරවනීය පසුබිමක් තුළ මානව ලිංගිකත්වය සපුරා ගැනීමට ඉඩ ලබාදීමේ ක්‍රමවත් සැළැස්මක් කෙරෙහි ද අවධානය යොමු කර තිබේ.
වික්ටෝරියානු සමාජ අතීතයේ ලිංගික ක්‍රියාවක ඒකායන අරමුණ බවට පත්ව පැවතියේ සිය වර්ගයා බෝ කිරීම පමණක් බව අප කවුරුත් දන්නා කාරණයකි. නමුත් අපගේ සංස්කෘතික ධාරාවේ මූලෝත්පාදක පැරණි භාරතීය රාජ්‍ය ධූරාවලි ඉතිහාසයේ එය පූර්ණ වශයෙන් වෙනස් වූ අරමුණු කීපයක එකතුවක් ලෙස පැවති බවට සාක්ෂි තබේ. අතීත රජවරුන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයන් ද සිය කුලය සහ තන්ත්‍රය අනුව ලිංගික පැවැත්ම ස්ථාපිත කරගෙන ඇති බවට සාක්ෂි බොහෝ ය.
එකී ලිංගිකත්වය මුල් කොට ගත් විෂය පද්ධතියක් සේම ඒ හා සම්බන්ධ ශාස්ත්‍රීය හැඳෑරීම් කොට තිබූ නගර සෝභිනියන් නම් වෘත්තීයවේදිනියන් සිටි බවට සේම ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද භුක්ති විදි, පදවි තානාන්තර ලැබූ පිරිසක් බවට ද සාක්ෂි තිබේ.
මෙහිදී ඔවුන් ඇසුරු කිරීමේ ඒකායන අරමුණ වූයේ වර්ගයා බෝ කිරීම නොවන බව කිව යුතු නැත. ලිංගික සතුට, ආශ්වාදය, සමීප බව, කාංසාව ආතතිය ආදී මානසික පීඩාකාරී තත්වයන්ගෙන් මිදීම වැනි හේතුන් අරමුණු කොට ගෙන එකී ලිංගික ක්ෂේත්‍ර මඟින් ඇසුර පැතූ බව රහසක් නොවේ.
වර්තමානය වන විට ලිංගිකත්වය යනු සෑම සමාජයකම සෑම මනුෂ්‍යෙයකුගේම පුද්ගල බවේ විශේෂිත අත්‍යවශ්‍ය අංගයක් බවට පත් ව තිබේ. වැඩිදුරටත් එය, එක් එක් පුද්ගල අභ්‍යන්තරය හා බැදුණු වෙනස් වෙනස් ආකාරවලට ලිංගිකත්වය අත්විදීමේ නිදහස තිබිය යුතු බවටත්, එය ආහාර ගැනීම, නිදා ගැනීම වැනි දෛනික පැවැත්මේ අංගයක් විය යුතු බවටත් මානව අයිතිවාසිකම් සුරැකීමේ ප්‍රඥප්තිය මගින් නිර්වචනය කර තිබේ.
යම් විෂම ලිංගිකයන් සේම සම දෙදෙනෙකුගේ පවා කැමැත්ත මත සිදුවන ඕනෑම ආකාරයක ප්‍රජනක හෝ ප්‍රජනක නොවන ලිංගික ක්‍රියා මෙමගින් වඩාත් සුරක්ෂිත බවට පත්කොට තිබේ.ඒ අනුව දූෂණය, අපයෝජනය, කුට්ටනය, අපහරණය සහ ව්‍යභිචාරය වැනි බලහත්කාරී සහ පීඩාකාරී ක්‍රියා හැරුණු විට අනිකුත් ඕනෑම අන්‍යෝන්‍ය ලිංගික ක්‍රියාවක් සදහා නිදහස සහ අනුමැතිය මේ අනුව වැඩිහිටි සැමට හිමි වේ.
මිනිසා වැනි සංකීර්ණ මනෝභාවයන් සහිත සත්වයෙකුට පමණක් ලැබිය හැකි ලිංගික ආශ්වාදය මනෝමය වශයෙන් අතිශය වැදගත් බව මේ වනවිට පසක් වී තිබේ.ඒ අනුව අතීතයේ ආගමික වශයෙන් අනුමත වූ ඒකාකාරී “මිෂනාරී ඉරියව්වෙන්”බැහැර ලිංගිකත්වයේ විවිධාංග මගින් ද ලිංගික ආශ්වාදයක් ලැබිය හැකි නම් සහ ඒ සදහා යොමුවන පාර්ශ්වයන්ගේ පූර්ණ කැමැත්ත ඊට ඇත්නම් එය පිළිකුලට හෝ පුදුමයට හෝ විරුද්ධවීමට කාරණයක් නොවන බව මේ වනවිට පසක් වෙමින් පවතී.
කාලයත් සමග මානව ශිෂ්ඨාචාරය තුළ ලිංගික කුහකත්වය නිසා ඇති වූ ආචාර ධර්ම පද්ධති මෙම ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කිරීමත් සමග සුනුවිසුණු වී ගොස් ඇති බවක් දැන් පෙනෙන්නට තිබේ.ඒ අනුව අතීතයේ මානසික රෝග ලෙස හැඳින්වුණු පුරුෂ සහ ස්ත්‍රී සමලිංගිකතාවයන් අද වන විට එම රෝග ලැයිස්තු වලින් පවා ඉවත් කොට තිබේ.
මීට අමතර නූතන සමාජ සමානාත්මතා සංකල්පය යටතේ මෙතෙක් සමාජමය කුණු බක්කියට ඇද දමා තිබූ කාන්තා, පුරුෂ සමලිංගික, විෂම ලිංගික සහ ලිංගික පරිවර්තිතප්‍රජාවට (LGBT) ද අද වන විට සියළු සමාජමය හිමි කම් උරුම කොට දී තිබේ. නමුත්, ලිංගික අවවර්තනයන්(Paraphilia)නමින් හැඳින්වෙන ලිංගික විකෘතිතා සේම අනාචාර සම්බන්ධතා ද මෙම ලිංගික නිදහස යන තේමාවට අයත් කොට නැත.
මේ අතර ලෝක ජනගහනයෙන් සැලැකිය යුතු පිරිසක් විවිධ ආගමික ඇදහිලි සහ සාම්ප්‍රදායික මතවාදවල එල්බ සිටිමින් ලිංගික ආශ්වාදය නොලැබීම සහ එය අත් නොවිඳීම පසුකාලීන පීඩාකාරී මනෝභාවයන්ට පත්වීමට හේතුවන බව මනෝ විද්‍යාඥයින් පවා සාක්ෂි සහිතව පෙන්වා තිබේ.
එවන් යුගයක, 1993 වසරේ සංශෝධනය කර ඉදිරිපත් කරන ලද ඉහත ප්‍රඥප්තිය ලිංගික අයිතීන් සහ ලිංගික නිදහස සුරක්ෂිත කිරීම සදහා වූ ක්‍රමවත් වැඩපිළිවෙලක ආරම්භයක් පමණි.එනිසාම තව දුරටත් එය ලජ්ජා සහගත මාතෘකාවක් නොවිය යුත්තේ එබැවිනි.
දුලාංජලී මුතුවාඩිගේ