චමරිට සහ ඉනෝකාට ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ සියයට වැඩි ඇස්තමේන්තු මුදලක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): මෙවර ඉන්දීය කාන්තා විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් තරගාවලියේ වෙන්දේසිය දෙසැම්බර් 9 වන දිනට යෙදි ඇති අතර එම වෙන්දේසියේදී මූලික වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ සියයකට මුදලකට චමරි අතපක්කු සහ ඉනෝකා රණවීර අලෙවි කිරිමට ඇස්තමේන්තු කර ඇත.


ඉකුත් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් කිසිවෙකු සළකා බැලීමක් සිදු නොවුන අතර එම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් දක්වන ලද විශෙෂ දක්ෂතා ද,විශේෂයෙන් ගෙවුණු බිග්බෑෂ් තරගාවලියේදි චමරි අතපත්තු තරගාවලියේ සූරතම ක්‍රීඩිනාව වෙමින් පැ හපන්කම් නිසා ද,මෙවර ඉන්දීය කාන්තා ලීගයේ ඇසි ශ්‍රී ලංකාව දෙසට යොමු වි ඇත.නමුත් එම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් දෙදෙනා හැරෙන්නට පසුගිය කාලයේ පිත්තෙන් සෑහෙන අභියෝගයක් ප්‍රතිවාදීන්ට එල්ල කළ හර්ෂිතා සමරවික්‍රම සහ තුන් ඉරියව් ක්‍රීඩිකා කවීශා දිල්හාරි වැනි ක්‍රීඩිකාවන් වෙන්දේසියටවත් කැදවන්නට ඔවුන් අවධානය යොමු කර නැත.


ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක් වන ඇස්තමේන්තු මුදල යනු මේ ක්‍රීඩිකාවන් වෙන්දේසියේදි අලෙවියට තැබෙන පළමු ඉල්ලීම වන අතර බොහෝ විට ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ සියය ඉක්මවන එම මුදල ද වෙන්දේසියේදී බොහෝ විට ඊට වඩා වැඩි වටිනාකමක් බවට පත් විය හැකිය.විශේෂයෙන් චමරි අතපත්තුට ඇති ජාත්‍යන්තර තලයේ ඉල්ලුම සළකද්දී බොහෝ විට ඇයගේ වටිනාකමට සත්‍ය ලෙස ගරු කිරීමට ලීග් තරගාවලියේ කණ්ඩායම් ප්‍රධානීන් ඉදිරිපත් වුවහොත් ඇයගේ වටිනාකම ඇස්තමේන්තු මුදලට වඩා බොහෝ සෙයින් වැඩි වෙන්නට ඉඩ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...