තේරීම් කමිටුව කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වලින් සම්පූර්ණයෙන් බැහැරට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගගේ සහයට ශ්‍රී ලංකාව නියෝජනය කළ තවත් ක්‍රීඩකයින් තිදෙනෙක්ගේ සහය ලබා ගැනීමට තීරණය වී තිබෙනවා.ඒ අනුව තරංගගේ සභාපතීත්වයෙන් යුත් එම තේරුම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස නම් කර ඇත්තේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙක් වන අජන්ත මෙණ්ඩිස්, පන්දු යැවීමේ ප්‍රමුඛතාවය සහිත තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස හැදින්විය හැකි දිල්රුවන් පෙරේරා සහ ආරම්භක පිතිකරුවෙක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කළ තරංග පරණවිතානයි.


නව තේරීම් කමිටු සාමාජිකයින් අතර කොළඹ ප්‍රධාන පෙළේ පාසල් නියෝජනය කරන ක්‍රීඩකයින් කිසිවෙක් දකින්නට නොලැබීම විශේෂත්වයක්.ආසන්නම නගර හැටියට අජන්ත මෙණ්ඩිස් (මොරටු මහා විද්‍යාලය) සහ දිල්රුවන් පෙරේා (පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය) දැක්විය හැකි අතර තරංගවරු දෙදෙනාගෙන් උපුල් නිර්මාන්‍ය වන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් වන අතර තරංග පරණවිතාන කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට සුදුසුකම් ලැබීම දක්වා අසීරු ගමණක් පැමිණි ක්‍රීඩකයෙක්.


තේරීම් කමිටු සාමාජිකයින් දෙස බලද්දි පැහැදීළි වන ලක්ෂණයක් වන්නේ ඔවුන් සියලු දෙනා අඩු පහසුකම් සහිතව සිය ක්‍රිකට් දිවිය ඇරඹු අය වීමයි.මේ තත්ත්වය ඔවුන්ගේ සිත තුළ ඇතිනම් ජාතික කණ්ඩායම තේරීම මෙන්ම තවත් ආකාරයක දක්ෂයන් සොයා රට පුරා යාමටත් විශේෂ අවධාවයක් යොමු කළහොත් තමන් මෙන් දුෂ්කරතා සමඟ ගැටෙන විශාල පරම්පරාවකට මඟ හසර විවර කර දිය හැකි මාවතක් තැනීමට ද දායක විය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...