ප්‍රේෂණ එන්නේ මොන රටවල් වලින්ද ?

Date:

පසුගිය වසර මැද ලංකාව ආර්ථික අර්බුදයේ පතුළේ කිමිදෙමින් සිටියදී රටට එන විදේශ ප්‍රේෂණ අඩුවීම විශාල ලෙස කතාබහට ලක් වුනා. මේ පිළිබඳ අදහස් දක්වමින්, එක්තරා අවස්ථාවකදී මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේ ප්‍රේෂණ පිළිබඳ පෙර ඇස්තමේන්තු නිවැරදි නැති බවයි. එම පෙර සංඛ්‍යාලේඛණ අධිතක්සේරුවක් බව සඳහන් කළ ඔහු ප්‍රේෂණ පිළිබඳ වඩා නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා වානිජ බැංකු සමඟ සාකච්ඡා කර යාන්ත්‍රණයක් සකස් කර ඇති බවද පැවසුවා.

ඉහත සඳහන් කළ අලුත් යාන්ත්‍රණය හරහා මේ වන විට මහ බැංකුව විසින් වසරක දත්ත එකතු කරගෙන තිබෙනවා. ඒ අනුව, 2022 අවසන් කාර්තුවේ සිට 2023 තෙවන කාර්තුව දක්වා වසරක කාලය තුළ ලංකාවට ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,560.5ක්. ඒ පහත පරිදියි.

2022 සිවුවන කාර්තුව – ඩොලර් මිලියන 1,215.4
2023 පළමු කාර්තුව – ඩොලර් මිලියන 1,413.2
2023 දෙවන කාර්තුව – ඩොලර් මිලියන 1,409.4
2023 තෙවන කාර්තුව – ඩොලර් මිලියන 1,522.5

පසුගිය වසරක කාලයේ ප්‍රවණතා අනුව 2023 සිවුවන කාර්තුව තුළ ඩොලර් මිලියන 1,600 ඉක්මවන ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලැබේයැයි ඇස්තමේන්තු කළ හැකි අතර ඒ අනුව 2023 වසර තුළ ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රේෂණ ප්‍රමාණයක් ඉලක්ක කළ හැකියි.

ඉහත සඳහන්, 2023 සැප්තැම්බර් දක්වා වූ වසරක කාලය තුළ ලංකාවට ලැබුණු ඩොලර් මිලියන 5,560.5ක ප්‍රේෂණ ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණම, එනම් ඩොලර් මිලියන 3,635.4ක්ම, ලැබී තිබෙන්නේ රටවල් අටකින්. පහත තිබෙන්නේ එම රටවල් අටයි.

  1. කුවේට් – ඩොලර් මිලියන 612.7
  2. කටාර් – ඩොලර් මිලියන 564.6
  3. එක්සත් අරාබි එමීර් රාජ්‍යය – ඩොලර් මිලියන 523.7
  4. සවුදි අරාබිය – ඩොලර් මිලියන 494.6
  5. ඇමරිකා එක්සත් ජනපදය – ඩොලර් මිලියන 433.8
  6. දකුණු කොරියාව – ඩොලර් මිලියන 384.7
  7. එක්සත් රාජධානිය – ඩොලර් මිලියන 312.3
  8. ඉතාලිය – ඩොලර් මිලියන 309.0

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...