පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ඉන්දීය තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීම ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන්

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ඉන්දීය පියස ( India Corner ) සිසු අයිතියට පත් කිරීම ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාලීය ප්‍රධාන පුස්තකාලයේදී අද (07) සිදු කෙරිණි.

මහනුවර පිහිටි ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය පිහිටුවා වසර 100ක් පිරීම නිමිත්තෙන් මෙම ඉන්දීය තොරතුරු පියස ස්ථාපිත කෙරිණි.


ඉන්දියාව පිළීබද සවිස්තරාත්මක තොරතුරු මෙන්ම එරට උසස් අධ්‍යාපන අවස්ථා, ශිෂ්‍යත්ව ආදි තොරතුරු ද මෙම ස්ථානය මගින් ලබා ගැනීමට විශ්ව විද්‍යාල සිසුන්ට හැකිවේ.

ඉන්දීය පියස විවෘත කිරීමේ අවස්ථාව සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා, සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මෙනවිය, පේරාදෙණිය නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපති ආර්. මහේෂ්වරන් මහතා ඇතුලු පිරිසක් එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...