සජබ e කොළම.

Date:

අශෝක ජයතුංග

වොෂින්ටන් LNW : සමහර පක්ෂ බොරු ෆයිල් පෙන්නමින් යනවා. අපි ක්‍රිකට් හොරු හා රට බංකොලොත් කල හොරු උසාවියෙදි පෙන්නුවා. එයාලට දඩුවම් දෙන ක්‍රමවේදය සකසාගෙන යනවා – සජිත් ජනපවුර අරඔමින් කියයි.

සංස්කෘකික අරමුදල ගැන මහින්දානන්දගේ ප්‍රහාර වලට සජිත්ගෙන් ප්‍රතිප්‍රහාර. මේවා එදා ඡන්ද දිනන්න ගහපු මඩ.මහින්දගෙ වාර්තාවට කවුරුත් අත්සන් කර නෑ.අල්ලස් එක හා ජිනදාස වාර්තාවත් සාක්කි හා චෝදනා නෑ කිව්වා – සජිත්.

ක්‍රිකට් වෙනුවෙන් එකතුවූ ලෙසම ආබාධිත සංසදය වෙනුවෙනුත් මුළු පාර්ලිමේන්තුවම එක්වෙමු – සජිත් කියයි

ක්‍රිකට් වල කඩා වැටීමට නාමල් රාජපක්ෂ කල බොහෝ වැරදි ඉවහල්වූ බව ඔප්පු වෙනවා. ෂම්මිලට බෝඩ් එකට රිංගන්න බැක්ඩේට් දාල දීල වෝහාරික විගණනය පවා නවත්තන වැඩ කරල තියෙන්නෙ හිටපු ක්‍රීඩා ඇමති නාමල්

සජබ විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ ක්‍රියා කිරීම හා කතා කිරීම ගැන සජබ මන්ත්‍රීවරු විරෝදතාවක් පළකල බව ඉරිදා පත්තර දෙකක බොරු පුවත් යාම කුමන්තුණයක් – මහලේකම් රංජිත්.

නාමල් කුමාරද මොකෙද්ද හිගන්නෙක් චෝදනා කරපු මෛත්‍රී – ගෝඨා ඝාතන කතාව අමු බොරුවක් බව උසාවියෙදි තහවුරු වුණා. පාස්කු ප්‍රහාර හා මේ මඩත් ඡන්ද දිනන්න මිනිස්සු අනිදපු පහත් වැඩ – අශෝක් අබේසිංහ.

චීනය වියට්නාමය ලාඕසය වැනි කොමියුනිස්ට් රටවල් පවා වෙළෙද ආර්ථිකය පිළිගෙන අද දියුණු වෙලා. ඒත් ලංකාවෙ ඒ කදවුරේ අය තාම ඔළු හදාගෙන නෑ. ඔවුන් තාම ලිං මැඩියො මෙන් ආයෝජන හා පෞද්ගලීකරණයට විරුද්දයි – වෛද්‍ය රාජිත.

ජනතාවට ඉඩම් බෙදන වැඩේට මම ඉඩම් ඇමති කාලෙ ලෝක බැංකුව ඩො. මිලියන සිය ගණනක් වෙන්කලා. ඊට පසු කෘෂි හා ඉඩම් බාරගත් ජවිපෙ අනුර ලෝක බැංකුවට එයාල විරුද්දයි කියල ඒවා නැවැත්තුවා – රාජිත.

පසුගිය ජනපතිවරණය පොහොට්ටුවට කරකවා දුන් ඇල්පිටියේ අයවැය වැඩි ඡන්ද 09 කින් පොහොට්ටුව මෙවර පරාදයි – ගයන්ත.

ලේන්සුවෙන් පරෙයියො මවන්න බෑ. එහෙම මැජික් ලෝකෙ නෑ. අපට ලැබුණු ගමන් රට හදනවා කියන්නෙත් එවැනිම බොරුකාරයොයි – ආචාර්ය හර්ෂ.

දූෂණය නැවැත්තුවට රට රොකට් එක වගේ උඩයන්නෙ නෑ. ඒකට ලෝකය එක්ක යන වැඩපිළිවෙලක් ඕන සජබ “බ්ලූ ප්‍රින්ට්” එක ඒකටයි – හර්ෂ.

“පිටුව පෙරලුවට සීතා පොත දන්නව රාමා” වගේ වි: නායකට මඩ ගහන මහින්දානන්දගෙ පොත නාවලපිටියෙ හා රටේම අය දන්නවා – නලින් බණ්ඩාර.

ක්‍රිකට් ප්‍රශ්නයේදි පාළකයන් ගත්තේ ජනතාවගෙ පැත්ත නෙවෙයි හොරුන්ගෙ පැත්ත මල්ලී – රන්ජන් රාමනායක කියයි.

රොෂාන්ට කතා කරන්නට ආණ්ඩුවෙන් කාලය නොදෙයි. විපක්ෂයෙන් දෙන බව සජිත් කියයි.

මුල්ලේරියාවේ රාහුල විදුහලටත් සජිත් හා ජලනි ගෙන් සුහුරු පංති කාමරයක්. එය මරික්කාර්ගේ ඉල්ලීමක්.

පාර්ලිමේන්තුවේ කියන දේකට නඩු පැවරිය නොහැකියි. එම පසුබිම සකසාදී ඇත්කේ නිදහසේ රටත් ජනතාවත් වෙනුවෙන් අදහස් දක්වන්න ජනතා නියෝජිතයන්ට ඉඩදීමටයි. ඊට අභියෝග කරන්න බෑ කියන සමිමුතියක් තිබෙනවා . අජිත් පී.

ඩයනාගේ වලිය ගැන නි: කතානායක ගේ තීන්දුව පිළිගත්තත් වරප්‍රසාද කම්ටුවේ තීන්දුව ගැන ලොකු දෙගිඩියාවක් තියෙනවා – රෝහණ බණ්ඩාර හා සුජිත් පෙරේරා.

බිලියන 960 ක් පොලු තියපු අය වැජඹෙද්දී දුප්පත් කොටන් අදින මිනිස්සු වනසලා රාජ්‍ය බැංකුවක් ගොඩයන්න හදනවා – සජබ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...