වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම වැටුප ගැන ජනපති සහ වැවිලි සමාගම් ප්‍රධානීන් අතර සාකච්ඡාවක්

Date:

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත්, වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ වැවිලි සමාගම් ප්‍රධානීන් සමග ඊයේ (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

මෙවර අයවැයෙන් යෝජනා කරන ලද කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙලට අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් ඔවුන්ගේ වැඩපිළිවෙළ සකස් කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එම ඉදිරි කටයුතු සඳහා කමිටු පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ අතර වතු කම්කරු ජනතාවගේ නිවාස අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීමට එක් කමිටුවක් පත් කිරීමටත්, වතු කම්කරුවන් සහ වැවිලි සමාගම් නියෝජනය කරමින් තවත් කමිටුව පත් කිරීමටත් මෙහිදී යෝජනා විය.

රටේ ආර්ථික දියුණුව ඇති කිරීමේ දී අපනයන ආර්ථිකයක් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව මෙහිදී සදහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවද කියා සිටියේය.

ඉදිරියේදී ආසියාතික රටවල ජනගහනය සීග්‍ර ලෙස ඉහළ යනු ඇති බවත් ඒ සමඟ වැඩිවන ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් මෙරට අපනයන ආර්ථිකය සූදානම් කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විදේශ රැකියා ප්‍රවර්ධන හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග යන මහත්වරු සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව විශාල පිරිසක් පෙනී සිටිනවා – අකිල

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින...

සුළු සුළු දේවල්වලට නම් හිරේ දාන එක වැරදියි!

කොළඹ LNW:සුළු සුළු කාරණා මත, දේශපාලන නායකයන් අල්ලා හිරේ...

රනිල් වෙනුවෙන් විපක්ෂයේ නියෝජිතයින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට...

අරෝෂ 72 – 102 දක්වා ඉහළ නංවයි!

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...