*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

කිසිම සුදුසුකමක් නැති පොහොට්ටු යූනියන්කාරයෙක් විගණන තනතුරකට දාලා බොරු වාර්තා හදලා මට මඩ ගහනවා – සජිත්

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක (ආවරණ) එන්. වී. ටී. ධම්මික නම් පුද්ගලයකු සකස් කරන ලද විගණන වාර්තාවක් සභාගත කර ඇති බවත් එම විගණන වාර්තාවේ සදහන් සියලු තොරතුරු විපක්ෂ නායකවරයාට සහ ඔහුගේ බිරිඳට මඩ ගැසීමේ අරමුනින් රජය විසින් සකස් කරන ලද්දක් බවත් ඒ සඳහා සාක්ෂි සහිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (8) පාර්ලිමේන්තුවේදී අනාවරනය කළේය.

මෙම එන්. වී. ටී. ධම්මික නැමැති පුද්ගලයා 2020 පෙබරවාරි මස 3 වැනිදා සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සංගමයේ නිලධාරී මණ්ඩලයේ කාරකසභිකයකු බවත් 2020 පෙබරවාරි 18 වැනිදා පොදුපෙරමුණ වෘත්තිය සමිතිය විසින් තවත් ලිපියක් ඔස්සේ මෙම පුද්ගලයා වැඩබලන අභ්‍යන්තර විගණන තනතුරට පත් කරන ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උප සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අනුව අභ්‍යන්තර විගණක වාර්තාවක් කියා පොහොට්ටුවේ වෘත්තීය සමිති සාමාජිකයන් යොදා ගෙන ව්‍යාජ වාර්තාවක් සකස් කර ඇති බවත් එම විගණන වාර්තාව ලියා ඇත්තේ එන්. වී. ටී. ධම්මික යන පුද්ගලයා බවත් මෙවැනි තනතුරක් දැරිමට අදාළ විෂය ගැන මූලික උපාධියක් සහ වසර 12ක පළපුරුද්දක් තිබිය යුතු වුවත් ඔහුට මෙවැනි විගණන තනතුරක් දැරීමට හෝ සුදුසුකමක් නොමැති බවත් අවම වශයෙන් AAT වත් නොමැති පුද්ගලයකු බවත් මේ සියල්ල ව්‍යාජ අභ්‍යන්තර විගණන වාර්තාවක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම මෙම පුද්ගලයා VRS එකක් හරහා සේවය හැර ගිය අයකු වුවත් නැවත පත්කර ඇති බවත් ඊට අමතරව උසස් වීමක් පවා ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඉංජිනේරු සංස්ථාවේ අභ්‍යන්තර විගණන වාර්තාව සම්බන්ධයෙ අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරිමක් සිදු කරමිනි.

රජය පත් වූ මුල් කාලයේ, සංස්කෘතික අරමුදල තුළින් බිලියන 11ක මුදල් වංචාවක් සිදුව ඇති බව පැවසූ බවත් ඒ සඳහා සොයන්න කමිටුවක් පත් කළ බවත් ඒ කමිටුවේ සිටි හරිගුප්තා රෝහණධීර යනු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයකු සහ 2010 මැතිවරණයට තරඟ කළ සන්ධානයේ අපේක්ෂකයකු බවත් මොවුන් සිදු කළ විමර්ශන වාර්තාවට කිසිදු සාමාජිකයකු අත්සන් නොකළත් එම වාර්තාව භාවිත කර 2020 මහමැතිවරණයේ දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වාර්තාව අල්ලස් කොමිසමට යොමු කළ පසු අල්ලස් කොමිසම කියා ඇත්තේ අල්ලස් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණ කරුණු නොමැති බව සඳහන් කර ඇති බවත් ඊට පසු කෝප් කමිටුව අදාළ අමාත්‍යාංශ නිලධාරීන් ගෙන්වා උපදෙස් දී නව කමිටුවක් පත් කළ බවත් එම කමිටුවේ වාර්තාව මේ වන විටත් එළි දක්වා නොමැති බවත් එයට හේතුව වි ඇත්තේ එල්ල කර ඇති චෝදනාවලට සජිත් ප්‍රේමදාස ඇතුළු කිසිදු පුද්ගලයකු වරදකරුවන් නොවන බවට ඔප්පු වී ඇති නිසා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේ ම 2019 නොවැම්බර් 26 දින නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා වෙත එවක රජය විසින් ලිපියක් යොමු කරමින් කියා ඇත්තේ පසුගිය රජය ආරම්භ කර ඇති සියලුම වැඩකටයුතු නතර කරන ලෙස යි. මේ වන විට සියලුම ආගමික සිද්ධස්ථානවල ආගමික නායකයන් විසින් අදාළ වැඩ කටයුතු සිදු නොවුණේ ඇයිද කියා ප්‍රශ්න කර සිටින බවත් එයට හේතුව ජනාධිපතිවරණය ජය ගෙන දින 10ක් තුළ ගෝඨාභය රාජපක්ෂ රජය එම කටයුතු තහනම් කිරීම බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

එසේ තහනම් කිරීම තුළ විශාල හානියක් සිදුව ඇති බවට දෙවැනි වාර්තාවේ පවා සදහන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan