ගාසා තිරයට මානුෂීය සටන් විරාමයක් ඉල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යෝජනාවට ඇමරිකාව සිය නිශේධ බලය පාවිච්චි කරයි

Date:

ගාසා තිරය වෙනුවෙන් මානුෂිය සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව එක්සත් ජනපදය සිය නිශේධ බලය යොදා පරාජය කර ඇති බව වාර්තා වේ.

සාමාජිකයින් 15 දෙනාගෙන් 13 දෙනෙක් පක්ෂව ඡන්දය දුන් අතර එක්සත් රාජධානිය ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

එක්සත් ජනපදය සටන් විරාමයක් සඳහා වන ජාත්‍යන්තර ඉල්ලීම්වලට නිරන්තරයෙන් විරුද්ධ වූ අතර ඔවුන් ඊශ්‍රායලයට සහය ලබා දෙන අතර හමාස් මහපොළවෙන් තුරන් කළ යුතු බවට විශවාස කෙරේ.

මේ සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් (HRW)ප්‍රකාශ කර තිබුණේ, ගාසා තීරයේ පලස්තීන සිවිල් ජනතාවට සාමූහිකව දඩුවම් කිරීම ඇතුලු කුරිරුකම් සිදු කරන ඊශ්‍රායලයට අවි ආයුධ සහ රාජ්‍ය තාන්ත්‍රික ආවරණය දිගටම ලබා දීමෙන්, එක්සත් ජනපදය යුද අපරාධවලට හවුල් වීමේ අවදානමක් ඇති බවයි.

හමාස් සංවිධානය ඔක්තෝබර් 7 වන දා ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 1,200ක් ඝාතනය කර 240ක් ප්‍රාණ ඇපයට ගත් අතර, ඔවුන්ගෙන් සමහරක් කෙටි කාලීන සටන් විරාමයක් අතරතුරදී නිදහස් කරන ලදී. ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය දියත් කළ ප්‍රති ප්‍රහාර හේතුවෙන් මේ වන විට පලස්තීනයේ ළමුන් 7,000 ක් පමණ ඇතුළුව පුද්ගලයින් 17,487කට වැඩි ප්‍රමාණයක් මියගොස් දස දහස් ගණනක් තුවාල ලබා ඇත.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...