ලක්විජය බලාගාරයෙන් ජාතික පද්ධතියට විදුලිය ලබා දීම සම්පූර්ණයෙන්ම ඇන හිටී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉකුත්දා (09) රාත්‍රියේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමඟ , නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ක්‍රියාත්මක වෙමින් පැවැති පළමු ජනන යන්ත්‍රයද නැවතී යාමෙන් , එම බලාගාරයෙන් මේ වන විට ජාතික පද්ධතියට විදුලිය ලබා දීම සම්පූර්ණයෙන් නැවතී ඇති බව, විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක ඉංජීනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ඊයේ (10) කියා සිටියේය.

ඉංජීනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පවසා සිටියේ , නොරෝච්චෝල බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය නැවතී ගියද මේ වන විට ජලවිදුලි බලාගාර ආශ්‍රිතව පවතින ජල මට්ටම අනුව විදුලි පාරිභෝගිකයින් අපහසුතාවන්ට පත් නොකර විදුලිය ලබා දීමට හැකිව ඇති බවයි.

නොරොච්චෝල, ලක්විජය බලාගාරයේ දෙවන හා තුන්වැනි ජනනයන්ත්‍ර නඩත්තු කටයුතු සඳහා මෙයට පෙර නවතා තිබූ අතර විදුලිය නිෂ්පාදනය කරමින් තිබූ පළමු ජනනයන්ත්‍රය ද 9 දින සිදුවූ විදුලි බිඳ වැටීමත් සමඟ එකවර අක්‍රියවී ගිය බව කියයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසූවේ, මෙ වන විට නඩත්තු කටයුතු සඳහා නවතා තිබූ තුන් වන ජනනයන්ත්‍රය නැවත ක්‍රියාත්මක කර ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි.

9 වන දින හදිසි බිඳ වැටීමට ලක්වීමට පෙර ලක්විජය බලාගාරයේ පළමු ජනනයන්ත්‍රයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ලබා දීම සිදු විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...