මනෝගේ කතාව අමු බොරුවක්. දෙමළ ජනතාව විතරක් නෙවෙයි ලියාපදිංචි කරන්නේ – ඇමති ටිරාන්

Date:

කිරුළපන, වැල්ලවත්ත, දෙහිවල, බම්බලපිටිය, නාරාහේන්පිට, කොටහේන, මට්ටක්කුලිය සහ මෝදර යන පොලිස්වසම්වල සිටින දෙමළ ජනතාව ඉලක්ක කර ගෙන නැවත ලියාපදිංචියක් සිදු වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කළ ප්‍රකාශය අසත්‍ය බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

“මනෝ ගනේෂන් මන්ත්‍රීතුමා අමු බොරුවක් කිව්වේ ඉස්සෙල්ලාම, දෙමළ ගෙවල්වලින් පමණක් මේ ලියාපදිංචිය කරනවා කියලා. ගිය පාරත් ඔය ප්‍රශ්නෙ කිව්වාම මම මෙතුමාට පුද්ගලිකව හම්බුවෙච්ච වෙලාවෙත් ඔක්කොම සංඛ්‍යා දත්ත පවා දුන්නා. දැන් කොළඹ ගත්තොත් උදාහරණයකට අපි දැනට 90%ක් ජනගහණය ලියාපදිංචි කරලා ඉවරයි. ඒකෙ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා ඉන්නවා. එතකොට මේ ෆෝර්ම් එක පුරවන්න පටන් අරගෙන තිබ්බේ අද ඊයේ හෝ මං ආවාට පස්සෙ නෙවෙයි, අවුරුදු ගාණක් තිස්සේ. යුද්ධ කාලෙත් කරලා තිබුණා. මෙතුමාත් ගිය ආණ්ඩුවේ ඉන්නකොට එතකොටත් කරලා තිබුණා. අපට දැනගන්න ඕනෙ යම්කිසි කෙනෙක් පිට පළාතක ඉඳලා එහේ මොනවා හරි වැරැද්දක් කරලා කොළඹට ඇවිල්ලා ගෙදරක හැංගිලා ඉන්නවා නම්, එක්කෝ කොළඹ එක්කෙනෙක් බදුල්ලට ගිහිල්ලා ඉන්නවා නම්, අපි රෙකෝඩ් එකක් තියාගන්න හදන්නේ පුද්ගලයෝ ඉන්නෙ කොහෙද කියන එක. ඉතින් ඒකෙ කිසි වැරැද්දක් නෑ. අපි ඒකෙ ගන්නෙ නමයි – මේ කිව්වා වගේ ආගම අහන්නෙ නෑ, ඒක බොරු. අපි ජාතිය පමණයි අහන්නේ. ඕක ගිය පාරත් මේ පාර්ලිමේන්තුවේ කෑගැහුවා දෙමළ ගෙවල්වලින් පමණයි මේක ගන්නෙ කියලා. අමූලික බොරුවක්. මෙතුමාට ඕනෙ නම් මෙතුමාට මම දෙන්නම් සාකච්ඡාවක් සියලු දේ ගෙනල්ලා අපි ඉඳගෙන කතා කරමු ඔය ගැන, මම සියලුම සංඛ්‍යා දත්ත පෙන්වන්නම්. අපට ඒ කරන එක නවත්වන්න බෑ ගරු කථානායකතුමනි, අපි ආරක්ෂාව ගැන බලනවා නම් අපි ඒක කරනවා. දැන් මගේ ගෙදරට ඇවිල්ලා කවුරුහරි ගත්තොත් විස්තර ටික, අපි ඒක දෙනවා. අපට හංගන්න දෙයක් නෑ, ගෙදර ඉන්නෙ කවුද කියන එක විතරනෙ දැනගන්න ඕනෙ”

“මං මේ ගැන දිගින් දිගට උත්තර දෙන්න යන්නෙ නෑ. හැබැයි මෙතුමා කියනවා නම් සිංහලෙන් විතරක් ෆෝර්ම් එක ආවා කියලා, මං ඒක ගැන හොයලා බලලා ඒක මං නිවැරදි කරන්නම්. මෙතුමාත් පිළිගන්නවා, මේක යුද්ධ කාලෙත් තිබුණා, මේක දිගටම තිබුණු ප්‍රශ්නයක්. යුද්ධෙ නැතිවුණත් වෙන අපරාධ ඇතිවෙන්න වැඩිවෙලා තියෙන්නෙ මේ රටේ. ඒක හින්දා අපි දැන් අලුත් පද්ධතියකුත් හදනවා, මේ හැම එකම පරිගණකගත කරලා ඕනෙ එක්කෙනෙක්ව ඕනෙ වෙලාවක හොයාගන්න පුළුවන් වෙන විදියට. ඉතින් අපට මේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනෙ. අපේ ගෙදර හතර දෙනෙක් ඉන්නවා නම් අපි ඒක කියනවා මේ හතර දෙනා අපේ ගෙදර ඉන්නවා කියලා. එච්චරයිනෙ”

අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කිරීමක් සිදුකරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...