*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

මහින්ද පක්ෂව අත උස්සද්දී නාමල් මඟ හරී!

කොළඹ LNW: එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් බදු සංශෝධනය ඊයේ (11) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 45 කින් සංශෝධන සහිතව සම්මත විය.

මෙහිදී විශේෂත්වයක් වූයේ ඊට පක්ෂව හා විපක්ෂව ජන්දය ප්‍රකාශ කර තිබෙන ආකාරයයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ, ශෂින්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරු වැට් බදු සංශෝධනයට සහය දෙමින් ඊට පක්ෂව ජන්දය ප්‍රකාශ කරන විට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සභා ගර්භයෙන් ඉවතට ගොස් තිබුණි.

පසුගිය දින කිහිපය තුළම නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවට අභියෝගවන ලෙස ජනතාවාදී අයුරින් කතා බහ කරන ආකරයක් දක්නට ලැබුණි.

එහෙත් ආණ්ඩු පක්ෂයේ බහුතරය අයවැයට මෙන්ම වැට් බදු සංශෝධනයට සහය දක්වමින් සිටියි.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයයේ කණ්ඩායම, ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු තිදෙනා, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සහ ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගෙන සිටින ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ කණ්ඩායමයි.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද ඊට විරුද්ධව ජන්දය ප්‍රකාශ කර තිබුණි.

මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු අද දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය නිදහස් කරනවාද නැද්ද යන්න තීරණයත් ගැනීමට නියමිතව තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan