බස් ගාස්තුත් වැඩිවෙන ලකුණු !

Date:

ලබන ජනවාරි මාසයේදී බස් ගාස්තු වැඩිකිරීමක් සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

වැට් බදු වැඩිවීමත් සමග මෙම තත්වය උද්ගතව ඇති අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි විජේරත්න මහතා සඳහන් කළේ.

“ජනවාරි මාසයේ සිට බස් රථ ආනයනයේ දී සාමාන්‍ය බස්රථයක් වෙනවා එක්කෝටි පනස් හත් ලක්ෂයක්. වැට් එකේ 18% වැඩි වීමත් එක්ක සාමාන්‍යයෙන් තව ලක්ෂ 20ක්වත් වැඩිවෙනවා. ඒ ගාණට බස් එකක් ගෙනල්ලා සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කරන්න බස්හිමියන්ට හැකියාවක් නෑ. ඒ හා සමඟම අමතර කොටස් මිල, තෙල් මිල, සේවා ගාස්තු සියල්ලම වැඩිවෙනවා. බරපතළම කරුණ තමා ඉන්ධන මිල වැඩිවීම. වැට් එක ඉන්ධනවලට ආදේශ කරලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඩීසල් මිලත් වැඩිවෙනවා. අවදානම තියෙන්නේ ජනතාවට. මේ සියල්ල වැඩිවුණොත් නැවත වරක් බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ගැන ජනාධිපතිවරයා සමග සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...