ගාසාව මිහිපිට අපායක් වෙමින් ඇත

Date:

ගාසා තිරයේ උග්‍ර වන ආහාර හිඟය, බෝවන රෝග පැතිරීම සහ සෞඛ්‍ය පද්ධතියේ ආසන්න බිඳවැටීම මධ්‍යයේ මේ වන විට එම ප්‍රදේශයට තද ශීත වර්ෂාපතනයක් ඇද හැළෙමින් පවතින අතර කුඩාරම් සෝදා ගොසින් බොහෝ ප්‍රදේශ මද වගුරු බවට පත්ව ගාසාව මිහිපිට අපායක් බවට පත්වෙමින් පවතින බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ (UNRWA) ප්‍රධානී Philippe Lazzarini ප්‍රකාශ කර තිබේ.

ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයෙන් පසුව සීඝ්‍රයෙන් නරක අතට හැරෙන මානුෂීය තත්වය පැමිණෙන්නේ ඊශ්‍රායලයේ ගුවන් හා ගොඩබිම් යුද්ධය වඩාත් දරුණු ලෙස ක්‍රියාත්මක වීමත් සමඟයි.

ගාසාවේ ජනගහනයෙන් බහුතරයක් බලහත්කාරයෙන් අවතැන් වී ඇති අතර බොහෝ දුරට තීරුවේ දකුණු කොටස වන රෆාහි මේ වන විට මිලියනයකට වඩා වැඩි පිරිසකට සත්කාරකත්වය සපයයි.

ආහාර හා ජලය නොමැතිවීම හේතුවෙන් බොහෝදෙනා පිඩාවට පත්ව ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබුණේ, පාචනය සහ පැපොල වැනි බෝවන රෝග ගාසා තීරයේ ඉහළ යමින් පවතින බවයි. මේ වන විට ශ්වසන රෝගීන් 54,866ක් වාර්තා වී ඇති අතර පාචනය රෝගීන් 33,551 කට වඩා වැඩි සංඛ්‍යාවක් මෙන්ම පැපොල රෝගීන් 1,005ක් වාර්තා වී තිබේ. බැක්ටීරියා සහ වෛරස් ආසාදනය වීම හේතුවෙන් හටගත් සමේ රෝග 12,635ක සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

මේ වන විට යුද්ධය හේතුවෙන් සනීපාරකෂාව හා සම්බන්ධ පහසුකම් බිඳ වැටීම හේතුවෙන් ජල මාර්ග හරහා පැතිරෙන දූෂක ද්‍රව්‍ය ආසාදනවලට දායක වී ඇති අතර බෝවන රෝග හේතුවෙන් සිදුවන මරණ පිළිබඳ සංඛ්‍යාලේඛන ලබා ගැනීමට WHO කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...