බයිඩන්ගේ දෝෂාභියෝග පරීක්ෂණය නිල වශයෙන් විධිමත් කිරීමට සභාව ඡන්දය දෙයි

Date:

ජනාධිපති ජෝ බිඩෙන්ට එරෙහිව දෝෂාභියෝග පරීක්ෂණයක් විධිමත් කිරීමට හවුස් රිපබ්ලිකානුවන් 221 දෙනාගෙන් පක්ෂව ජන්ද 212 ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ජෝ බයිඩන් සහ ඔහුගේ පුත් හන්ටර් බයිඩන්ගේ ව්‍යාපාරික ගනුදෙනු, විදේශ ව්‍යාපාර පිළිබඳව පසුගිය කාලය පුරාම රිපබ්ලිකනුවන් විමර්ශනය කරන අතර සමහර රිපබ්ලිකානුවන් එවැනි ක්‍රියාවන් දෝෂාභියෝගයක් සඳහා පදනම ලෙස භාවිතා කළ හැකිද යන්න පිළිබඳව පවා සැක පල කර තිබේ.

ජනාධිපති ජෝ බිඩෙන් තමාට එරෙහි දෝෂාභියෝග විමර්ශනය විධිමත් කිරීම සඳහා සභා ඡන්දය ප්‍රකාශ කිරීම පිළිඹඳ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, මෙය පැහැදිලිවම දේශපාලනික මඩ ප්‍රහාරයක් බවත්, ඇමරිකානුවන්ගේ ජීවිත යහපත් කිරීමට උදව් කරනවා වෙනුවට තමන්ගේම කතානායක වරයෙකු නෙරපා හැර නව කතානායකවරයෙකු පත්කර ගැනීමට සති ගණනාවක් වැයකර දකුණු දේශසීමාව, යුක්රේනය සහ ඊශ්‍රායලය වැනි ගැටලු වෙනුවෙන් මැදිහත්වීමට අවස්ථාව තිබියදී දැවෙන අභියෝගවලට මුහුණ දීමට කිසිවක් නොකර කාලය කා දමන බවයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...