සිරගතව සිටින ඉම්රාන් ඛාන් කෘතීම බුද්ධිය මඟින් මැතිවරණ රැළිය අමතයි.

Date:

සටහන – සශිකලා මධුෂාණි


ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැනට සිරගතව සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඔහුගේ පක්ෂය වන පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි)පක්ෂයේ මැතිවරණ රැළිය කෘතීම බුද්ධියේ මාර්ගයෙන් හඬ ක්ලෝනයක් හරහා අමතා ඇති බව වාර්තා වේ.

එළඹෙන පෙබරවාරි 8 වැනිදා මැතිවරණය පැවැත්වෙන බව පාකිස්තාන මැතිවරණ කොමිසම විසින් සිකුරාදා(15) නිවේදනය කිරීමත් සමඟ අද(18) පැවති PTI රැළියේදී හඬ ක්ලෝනය භාවිතා කළ අතර මිනිත්තු හතරක පණිවිඩයක් නිකුත් කරමින් ඉම්රාන් ඛාන් සැබෑ නිදහස සඳහා සිය අධිෂ්ඨානය ඉතා ශක්තිමත් වන බව ප්‍රකාශ කළ අතර සිය හඬ ක්ලෝනය ගෙන ආ ElevenLabs සමාගමට ස්තුතිය ප්‍රකාශ කර තිබිණි.

රහසිගත ලේඛන කාන්දු කිරීම සම්බන්ධයෙන් ඛාන්ට එරෙහිව නඩු විභාග වෙමින් පවතින අතර ඔහු පවසන්නේ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරඟ කිරීම නැවැත්වීම සඳහා වන දේශපාලන පලිගැනීමක් බවයි. හඬ ක්ලෝනය මඟින් ඛාන් අදහස් දැක්වීම පිළිබඳව PTI පාක්ෂිකයන් කියා තිබුණේ, ඉම්රාන් ඛාන් නොමැතිව PTI දේශපාලන රැලියක් සම්පූර්ණ නොවන බවයි.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...