වැටෙන තහනම් මැද්දෙ ටෙනිස් පිටියේ රුසියානු පිම්මක්

Date:

යුක්රේනයට එරෙහි රුසියානු හැසිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝකය හරහා රුසියාව කොන්වෙමින් තිබෙන මොහොතක ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට එන්නට රුසියානු ක්‍රීඩක ඩැනියෙල් මෙඩ්වෙඩෙව් සමත් වි ඇත.ඔහු ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම් ඉතිහාසයේ අංක එකේ ක්‍රඩකයා බවට පත් වූ 27 වැන්නා වන අතර රුසියානුවෙක් එම තැනට පත් වූ තෙවන අවස්ථාව ලෙස ද මේ අවස්ථාව සැළකේ.

නොවැක් ජොකොවික්, රොජර් ෆෙඩරර්, රෆායෙල් නඩාල් සහ ඇන්ඩි මරේ යන ක්‍රීඩකයින් සිව් දෙනා අතර 2004 වසරේ සිට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ ස්ථානය හුවමාරු වෙමින් තිබිණි. එම සිව් දෙනාගෙන් බැහැරව වසර 18 ට පසු ලොව ටෙනිස් ශේණිගත කිරීමට වෙනත් ක්‍රීඩකයෙකුගේ නමක් පැමිණි පළමු අවස්ථාව ඩැනියෙල්ගේ තේරීමය.2021 මාර්තු මස 15 වන දින ප්‍රථමවරට අංක දෙකට ශ්‍රේණිගත වූ ඩැනියෙල් ට මෙම අවස්ථාවට පැමිණීමට නොවැක් ජාකොවික් කෝවිඩ් එන්නත්කරණයෙන් වැළකෙමින් ඔස්ට්‍රේලියානු විවත තරගාවලියේදි සාවද්‍ය ප්‍රකාශ ඉදිරිපත් කර එම තරගාවලිය අහිමි කර ගැනීම ද බලපාන්නට ඇත.

නමුත් ඩැනියෙල් අදක්ෂයෙක් නොවන අතර 2021 මාර්තු මස 15 වන දින අංක දෙකට පැමිණිමෙන් පසු අවස්ථා දෙකකදී හැර ඔහු 2022 පෙරවාරි 28 අංක එකට ශ්‍රේණිගතවන තුරුම අංක දෙක ස්ථානය සුරැකිව තබා ගන්නට සමත් විය.ජාත්‍යන්තර ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හී අංක එකට පැමිණි උසම ක්‍රීඩකයා ලෙස ද වාර්තා පොත අතරට එකතු වන ඩැනියෙල්ගේ උස සෙ.මි.198 ක් ලෙස සඳහන් වෙනවා.26 හැවිරිදි ඩැනියෙල් මෙඩවෙඩෙව් අංක එකේ ස්ථානයට පැමිණෙන විට ඒ ඒ ක්‍රීඩකයන් සිටි වයස සළකද්දි වයසින් වැඩිම ක්‍රීඩකයින් අතර හයවන තැනට පත් වෙනවා.

මේ වන විට රුසියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා ප්‍රජාව දක්වන දැඩි විරෝධය ඉදිරියේදී ඩැනියෙල් ගේ ශ්‍රේණිගත කිරීමට ද බලපෑමට ඉඩ තිබෙනවා.ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව රුසියාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සමඟ ටෙනිස් ඔලිම්පික් ක්‍රීඩාවක් වන නිසා ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයට ද එකඟව කටයුතු කරන්නට සිඳුවෙන බැවින් ඇතැම් විට ඉක්මණින් ඩැනියෙල්ට සිය අංක එකේ ස්ථානය අහිමි වෙන්නට ද ඉඩ තිබෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...

අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!

කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...