හිටපු  සෞඛ්‍ය ලේකම්වරයාගේ  අවසන්  යුතුකම ගැන කියන කුමුදේශ්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  හොරකමේ යාන්ත්‍රණය හෙලි කරන එක, හිටපු ලේකම්ට සෞඛ්‍ය වෙනුවෙන්  කරන්න ඉතුරුවෙලා තියන අවසන්  යුතුකම බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති  රවී කුමුදේශ් මහතා පවසයි.

ඔහු ඒ පිළිබඳ වැඩිදුරටත් පැවසූවේ ,1

” හිටපු සෞඛ්‍ය ලේකම්වරයාට ඉමියුනෝග්ලොබියුලින් හොරකමෙන් ගැලවෙන්න බැහැ.

නමුත් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා කිසිම විටෙක තනි මතයට සෘජු තීරණ ගත්ත කෙනෙක් නෙවෙයි.

ඔහුගේ සියළු තීරණ ගත්තේ ඇමති වරයගේ අභිලාශයට එකඟව. බලපෑමට අදාලව.

සෞඛ්‍ය සේවාව නිවැරදී කර ගැනීමට නම් ඉමියුනෝග්ලොබියුලින් වංචාවේ සැබෑ සැලසුම හෙලිදරව් විය යුතුයි.

හිටපු සෞඛ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම කෙසේ වෙතත්, ඔහු මේ ගණුදෙණුව සැලසුම් වුණු ආකාරය හොඳින් දන්නවා.

බලපෑම් කල දේශපාළකයන් ගැන හොඳින් දන්නවා. ඒ නිසා ඒ සැලසුම සහ බලපෑම් කල අයව හෙලිදරව් කරන එක, සැලසුමේ යාන්ත්‍රණය එළියට දාන එක, ඔහුට අවසන් වශයෙන් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පැවරුණු වගකීමක්. අපි ඔහුට බල කරනවා, ඒ වගකීමවත් අතපසු නොකර ඉටු කරන්න කියලා”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

  1. ↩︎

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අකුරේගොඩදී සිදුවූ ද්විත්ව...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...