මත්ද්‍රව්‍ය සොයා ගිය විශේෂ මෙහෙයුමේ නව ප්‍රථිඵල!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023.12.18 දින පැය 0030 සිට 2023.12.19 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 1kg 370g
අයිස් 556g
ගංජා 7kg 800 g
(අක්කර 5 ක ප්‍රදේශයක ගංජා වගාවක් බුත්තල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.)
මාවා 3kg 500g
මත්පෙති 1075 ක්

මෙහෙයුමේදී මුලු සැකකරුවන් 2166 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 66 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත විමර්ශන සිදුකරනු ලබයි.

එසේම, සැකකරුවන් 14 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සදහා පුද්ගලයන් 226 දෙනෙකු යොමු කර ඇත.

තවද, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 169 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...