පළමු ශ්‍රී ලංකා ශ්‍රමික කණ්ඩායම ඊශ්‍රායලයට ළගා වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පළමු ශ්‍රී ලංකා ශ්‍රමික කණ්ඩායම, ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා පිටත්ව ගිය අතර, අද(20) උදෑසන ඊශ්‍රායලය වෙත ළගා වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කණ්ඩායමට සාමාජිකයන් 100ක් ඇතුළත් අතර පළමු කණ්ඩායමට අයත් සමස්ත පිරිස 150කි. ඉතිරි ශ්‍රමිකයන් 50 දෙනා ලබන 24වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඊශ්‍රායලය සමග ඇති කරගත් ගිවිසුම අනුව වසර 5යි මාස 3ක කාලයක් ඔවුන්ට එරට රැකියාවල නිරතවීමට අවසර හිමිවන අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රි ලංකා රජය වෙනුවෙන් කාර්යාංශය විසින් පුද්ගලයින් යොමුකරන අතර, රැකියා ලාභීන් තෝරාගනු ලබන්නේ ලොතරැයි ක්‍රමවේදයට ඊශ්‍රායලයේ ෆීබා ආයතනය විසින් පමණක් බවයි.

එලෙස තෝරාගනු ලබන පුද්ගලයින්ගේ ඉදිරි කටයුතු කාර්යාංශය විසින් සිදුකර ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් කරනු ලබන අතර රජයන් දෙක සමග පවත්නා අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා අවස්ථා හිමිවන බැවින් මෙම රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමට වෙනත් කිසිඳු පුද්ගලයෙකුට අවසර ලබා දී නොමැති බව වගකීමෙන් දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...