සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): යුක්ති මෙහෙයුමට යටතේ සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන කුඩු අසංක , ලඩියා සහ කුඩු ශ්‍රියානි යන විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ගන්නා ලද මුදල් සහ දේපල රැසක් අද (21) දින නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් දේපල තහනමට ගැනීම සිදු කර ඇති බව සඳහන් වේ.
මේ යටතේ පහත දේපල සහ මුදල් තහනමට ගෙන ඇති බවපැවසේ.
බස් රථ 03 ක්
කාර් රථ 02 ක්
යතුරු පැදි 02 ක්
තෙමහල් නිවසක් ඇතුළු වටිනා ඉඩම් 04 ක්
රත්‍රං පවුම් 50 ක්
මුදල් 123000/=
ඉහත සඳහන් තහනමට ගත් දේපල සහ මුදල් වල වටිනාකම ලක්ෂ 920 කට ආසන්න බවට අනාවරණය වී ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇