ඇනහිටුණු “X”!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හෙවත් Twitter පැයකට වැඩි කාලයක් ගෝලීය ඇනහිටීමකට ලක් විය.

තත්ත්ව වාර්තා එකතු කිරීම මගින් ඇනහිටීම් නිරීක්ෂණය කරන Downdetector.com ට අනුව, එක්සත් ජනපද පරිශීලකයින් 47,000 කට වැඩි පිරිසක් X සහ X Pro සමඟ ප්‍රවේශ ගැටළු වලට මුහුණ දී ඇත.

එක්සත් රාජධානියේ සහ ආසියාවේ සමහර පරිශීලකයින්ට “Welcome to X!” යනුවෙන් පණිවිඩයක් සහිතව වෙබ් අඩවියේ පළ කිරීම් බැලීමට ද නොහැකි විය.

Elon Musk ට අයත් X ආයතනයෙන් මේ පිළිබඳ අදහස් විමසා ඇති මුත් ඇනහිටීම කෙටි කාලීන වූ අතර, පරිශීලකයින්ට පැයකට වැඩි කාලයකට පසු නැවත සමාජ මාධ්‍ය වේදිකාවට පිවිසීමට හැකි විය.

මස්ක් X මිලදී ගත් දා සිට එය වෙළඳ ප්‍රචාරණ ආදායමේ පාඩුවකින් පීඩා විඳි බවත්, සමාජ විරෝධී පෝස්ට් දැමීමට ඉඩ දීම සම්බන්ධයෙනුත් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

සමාගම මේ වන විට එම චෝදනාව ඉදිරිපත් කළ Media Matters for America නම් වාමාංශික කණ්ඩායමකට එරෙහිව නඩු පවරා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...