කොළඹ කණිෂ්ඨ බැඩිමින්ටන් සංචිත පිහිටුවීමේ උත්සවයේ මුල් තැන දිලිත් ට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): රට වටා ප්‍රාදේශීය බැඩ්මින්ටන් කණිෂ්ඨ සංචිත පිහිටුවීමේ වැඩ සටහන යටතේ ශ්‍රී ලංකා බැඩිමින්ටන් වෙනුවෙන් එම කටයුතු මෙහෙයවිම සහ අධීක්ෂණය පැවරී ඇති උප සභාපති රොෂාන් ගුණවර්ධන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කණිෂ්ඨ බැඩිමින්ටන් සංචිත තෝරා ගැනිම සිදු වුණා.එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර එක් වී සිටියා.එසේම හිටපු බැඩිමින්ටන් සභාපතිවරයෙක් වන අමන්ද වීරසිංහ ද මේ අවස්ථාවට සහභාගි වුණෘ.


එහිදී මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පදනම් කරගෙන පැවති කොළම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කළාපවලට අයත් දක්ෂයන්ට අවස්ථාව ලබා දෙමින් මෛ සංචිත නිර්මාණය වන අතර එහිදී සූරතා,අනු සූරතා මෙන්ම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන තෙක් ඉහළ දක්ෂතා දැක් වූ අය ද ඇතුළත් වන ආකාරයට 16 දෙනෙක් මේ සංචිත සඳහා ඇතුළත් කර ගෙන තිබෙනවා.එසේම ඉකතු වසරේ ජාතික කණිෂ්ඨ සූරතාවලියේ අවුරුදු 13 න් පහළ සූරතාවය දිනූ 8 දෙනා මෙ සංචිතයට ඇතුළත්වන සිමාවේ සිටියේනම් ඔවුන් ද ඇතුළත් කර ගන්නට කටයුතු කර ඇති බව රොෂාන් ගුණවර්ධන පවසනවා


රට පුරා දිස්ත්‍රික්ක 24 ක් ආවරණය වන පරිදි මේ පිහිටුවීමත් සමඟ සංචිත 26 ක් ස්ථාපිත කර අවසන්.කොළඹ දිස්ත්‍රික්කයේ අධික ජනගහනය හරහා ක්‍රිඩාවට පිවිසෙන පිරිස වැඩි වන නිසා සංචිත හතරක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.එම සංචිත කොළඹ උතුර,කොළඹ දකුණ,මැද කොළඹ සහ නැගෙනහිර කොළඹ ලෙස බෙදා වෙන් කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...